කේට් මිඩ්ල්ටන් ගේ නව උද්‍යානය නැරඹීමට ජෝර්ජ් කුමරු, චාර්ලට් කුමරිය සහ ලුවී කුමරා සමග විලියම් කුමරු ද එක්ව සිටි බවත් ඔවුන් එදින බොහෝ සෙයින් විනෝද වූ බවත් විදෙස් මාධ්‍ය සදහන් කර තිබෙනවා.
චෙල්සි මල් ප්‍රදර්ශනයේ ඇති මෙම ස්වභාවික උද්‍යානය කේට් කුමරිය විසින් නිර්මාණය කරන ලද්දේ සම්මානලාභී ගෘහ නිර්මාණ ශිල්පීන් වන ඇන්ඩෲ ඩෙවිස් සහ ඇඩම් වයිට් සමග බවත් සදහන් වෙනවා.