හිටපු අගමැති පුත් රෝහිත රාජපක්ෂ, එහෙම නැත්තම් චිචී කිව්වම කවුරුත් ඔහුව දැන හඳුනනවා.
විවිධ දේ නිසා කතාබහට ලක්වන චිචී ගැන පසුගිය සමයේ කතාබහක් ඇති වුණේ ඔහුට අයත් යැයි කියන සිංහරාජ රක්ෂිතයේ පිහිටි හෝටලයක් නිස යි.
කෙසේ වෙතත්,
මෙම හෝටලයට තමන් අයිතිකම් නොකියන බවත්, හවුල්කාරීත්වයක් පමණක් ඇති බවත් චිචී පසුව මාධ්‍ය වෙත අනාවරණය කර තිබුණා.
හොඳයි..
මේ කතාව ඒ ගැන නෙවෙයි.
චිචී ඔහුගේ මුහුණු පොතට 'ස්ටෝරි' එකක් එකතු කරමින් සුබ පණිවුඩයක් අරන් ඇවිත් තිබුණා.
"සුබ පණිවුඩය" තමයි ඔහුගේ "රෝහිත රාජපක්ෂ" නම් යූටියුබ් නාලිකාවේ පරිශිලකයින් (සබ්ක්‍රයිබස්) සංඛ්‍යාව ලක්ෂයේ සීමාවට පැමිණ තිබීම.
ඒ වෙනුවෙන් යූටියුබ් ආයතනය මඟින් ලබාදෙන "සිල්වර් බටනයේ" ඡායාරූපයක් තමයි චිචී පළ කර තිබුණේ.
චිචී මේ යූටියුබ් නාලිකාවට ඔහුගේ හඬින් ගැයුණු ගීත බොහෝමයක් එක් කර ඇති අතර, මෑතක දිල්කි උරේෂා ඇතුළු පිරිසක් සමඟ ඔහු රැප් ගායනයක් කළ "ජාතිය ආගම" සම්බන්ධ ගීතයත් බොහෝ කතාබහට ලක්වුණා.