විදුලි කප්පාදුව හේතුවෙන් නිවසේ භාවිතයට ගත් විදුලි ජනන යන්ත්‍රයක් පිපිරී යාමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 9 හැවිරිදි දියණිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය 29වැනිදා ඔවුන්ගේ නිවසේ තිබු විදුලි ජනන යන්ත්‍රය පිපිරී යාමෙන් අදාළ කාන්තාව, ඇගේ දියණිය සහ පුතා තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණා.
පස්හැවිරිදි පිරිමි දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.