Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Feb
04
“....මැනේජර් එක්ක රංඩු ගිය දවසේ ඉඳන්.. මම ඇයට කියලා නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා. එයාපොට් යද්දිම ...... මැසේජ් එකක් දැම්මා උඹ ඔය යන්නෙ නයෙක් එක්ක. බොහෝම පරිස්සමින් ගිහිල්ලා වරෙන් කියලා !” - පුෂ්පිකාට යන එන මං නැතිවෙයි ! USවලදී සිද්ධ වුණු හැමදේම චන්දිමාල් එළියට දමයි !

- “....මැනේජර් එක්ක රංඩු ගිය දවසේ ඉඳන්.. මම ඇයට කියලා නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා. එයාපොට් යද්දිම ...... මැසේජ් එකක් දැම්මා උඹ ඔය යන්නෙ නයෙක් එක්ක. බොහෝම පරිස්සමින් ගිහිල්ලා වරෙන් කියලා !” - පුෂ්පිකාට යන එන මං නැතිවෙයි ! USවලදී සිද්ධ වුණු හැමදේම චන්දිමාල් එළියට දමයි !Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
“එම්බසි ගියාට පස්සෙ තමයි මම
මැනේජර් කෙනෙක් ගැන දැනගත්තෙ.”

“ගවුමේ ප්‍රශ්නයෙදිත් රෝසිට කතා කර කර අඬනවා.”


පසුගිය දිනෙක අමරිකාවේ ලස්වේගස් හි දී පැවැත්වුණූ ලෝක විවාහක රූ රැජින තරගාවලියට බොහෝ දෙනාගේ අවධානය යොමු වුණේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එම තරගයට පුෂ්පිකා ද සිල්වාත් සහභාගී වුණු නිසයි.

කොහොම වුණත්, මෙම සිදුවීම වඩාත් ආන්දෝලනයකට ලක් වන්නෙ පුෂ්පිකා තමන්ගේ ජයග්‍රහණය අහිමි කළ බවට චන්දිමාල් ට සහ රෝසි සේනානායකට සෘජුවම චෝදනා එල්ල කළ නිසයි.

රෝසි සේනානායක තමන්ට එල්ල වූ චෝදනාවට එරෙහිව පුෂ්පිකාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් ද යොමු කරන්නෙ ඒ හේතුව නිසයි.

කෙසේ වෙතත්, මේ කිසිවකට පිළිතුරු නොදී නිහඬව සිටි චන්දිමාල් ජයසිංහ අද දිනයේ යූටියුබ් නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබා දී තිබෙනවා.

එහිදී ඔහු මේ සියල්ලට පිළිතුරු ලබාදුන්නෙ මෙලෙසින්....

වුණ දේ ගැන චන්දිමාල් කියන දේ?
මම මේකට උත්තර දෙන් නෑ කියලා හිතන් හිටියේ. මම මේ දේවල් කරන්නෙ රට වෙනුවෙන්. මම රෝසි වෙනුවෙන් පෙනී ඉන්නවා. ඒ නිසයි මම මේකට ආවේ. මම ඒ චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මම අභියෝග කරනවා, ඒවා ඔප්පු කරන්න කියලා.

පුෂ්පිකා පැරදුනේ ඔයාලා හින්දද ?
අපි ස්ටේජ් එක ඉස්සරහා හිටියේ.. තරගය අවසන් වෙලා අපි එළියට ගියා. පුෂ්පිකායි මැනේජරුයි තමයි ඇවිල්ලා හතරවැනි ප්ලේස් එක කියලා කිව්වේ. එතැන හිටපු අයත් ක්ලැප්ස් කළා. පුෂ්පිකා කිව්වා යම් ප්‍රකාශයක් දෙන්න ඕනි කියලා. රෝසි මහත්මිය කියන්න ඕනි ටික කිව්වා. පුෂ්පිකාගේ හරි ටීම් එකේ හරි කෙනෙක් ඒක (වොයිස් ක්ලිප් එක.) ලීක් කරන්න ඇති.

ඔයාලට පුෂ්පිකා නේද ටිකට් අරන් දුන්නේ..?
මම ගියේ ලක්ෂ 10ක් විතර පාඩු කරගෙන. රෝසිටත් ඇය කතා කළා. ටිකට් කතා කළොත් රෝසි මැතිණිය කියන්නෙ කාගෙන්වත් ටිකට් ගන්න කෙනෙක් නෙවෙයි. පුෂ්පිකා ඉල්ලුවා නම් මම එයාටත් අරන් දෙනවා. මේ මිනිස්සු සැක කරලා කියන මේ දේවල් මම ප්‍රතික්ෂේප කරනවා. මිසිස් වර්ල්ඩ් ආයතනය තමයි රෝසි මහත්මියට ආරාධනා කළේ. එයා ආවේත් අපි එක්ක නෙවෙයි. ඒක මම වගකීමෙන් කියනවා. අපි සියලු දෙනාගේ නම් ඇතුළත් කරලා, අපිට ලෙටර් එකක් පවා අපිට දුන්නා. ගවුමට පේ කළේ පුෂ්පිකා කියලා කියනවනේ. ගවුමේ බිල් එකත් මගේ සාක්කුවේ තියෙනවා.

ගවුමට ඇත්තටම වෙච්ච දේ...?
මිලියන තුනයි දශම පහක් ඒ ගවුම. ඇයට අවසාන දවසේ ගවුමක් නෑ කියලා දුකින් ඉන්නකොට. රෝසි මහත්මියගේ හිතවතෙක් හිටියා. ඒ හිතවතා, එතුමියට ෆොටෝස් වගයක් එවලා තිබ්බා. දුව දුව ගවුම් තෝරලා යැව්වෙත් රෝසි මැතිණිය... එහේ ඉන්න ලංකාවේ අයත් අපිට ලොකු සපෝට් එකක් දුන්නා. ඇයගේ මැනේජර් එක්ක ඇයට ගොඩක් ප්‍රශ්න තිබුණා. මං හිතන්නෙ ඇය රංඩු වුණා හැම දවසකම. ඇය ඇගේ රූපලාවන්‍ය ශිල්පියාට පවා බැන වැදුණා. අපි පුද්ගලයින් විදිහට නෙවෙයි රටක් විදිහටයි ඇය එක්ක හිටියේ.

පුෂ්පිකාගේ ආරාධනාව පිටද රෝසි මැතිණිය ආවේ ?
රෝසි මැතිණිය ගාව ඇති ඒවා. අක්කි එන්න අක්කි එන්න ආවොත් මට ශක්තියක් වෙනවා කියලා. ගවුමේ ප්‍රශ්නයෙදිත් රෝසිට කතා කර කර අඬනවා. ඇය අපිට චෝදනා කරනවා ගවුමටත් කුමන්ත්‍රණයක් කළා කියලා. ඇත්තම කතාව මැනේජර් කිව්වා සල්ලි දාන්න පරක්කු වුණා කියලා.

කවුද මේ පුෂ්පිකාගේ මැනේජර්..?
එම්බසි ගියාට පස්සෙ තමයි මම මැනේජර් කෙනෙක් ගැන දැනගත්තෙ. මැයත් එක්ක වැඩ කරපු කෙනෙක් කියලා පුෂ්පිකා අපිට ත් හැංඟුවා. කැරොලයින්ට පවා මැනේජර් වුණේ මම. මම මගේ වැඩේ කරලා අයින් වුණා. මම දුක් වෙනවා මට වීසා රිජෙට් වුණු නැති එක ගැන. මොකක් හෝ රෝසි මහත්මියට මඩ ගහන්න දේශපාලන බලවේගයක් හරහා වෙන දෙයක්. මම ලෑස්තියි ඕන දේකට උත්තර දෙන්න. මම ආසාවෙන් මේ දේ කරන්නෙ. කාටවත් තේරෙන් නෑ අපි මේ හෑල්ලූ කරන්නෙ අපේ රට කියලා. මට හරි දුකයි. මීට පස්සෙ හරි කෙනෙක් යැව්වත්, ලංකාවේ අය ගැන එයාලා කොහොම හිතයිද ? මම දන් නෑ හරි ලැජ්ජයි. අපි මෙච්චර ලස්සනට ගිහින්. මම නොමිනේට් කරලා මගේ අක්කව හරි යවනවා. ආයෙ පැජන්ඩ් තියන් නෑ.

15 වැනිදා ඇත්තටම වෙච්ච දේ ?
15 වැනිදා තරගය ඉවර වෙලා පුෂ්පිකා ඇඟිල්ල දික් කළේ මැනේජර්ට. ලොකු මුදලක් අරන් පැරද්දුවා කියලා. මට දුක නෑ මට ඇඟිල්ල දික් කළා නම්. රෝසි මැතිණිය කියන්නෙ කාටහරි අසාධාරණයක් වුණාම පෙනී ඉන්න කෙනෙක්. මගේ මව වගේ ඇය මට. ඇය ආවේ දහසක් වැඩ රාජකාරි තියාගෙන. පුෂ්පිකා කියනවා විනිශ්චය මණ්ඩලය කිව්වලු ඇය ජයග්‍රහණය කළා කියලා. ජජස්ලාට තිබ්බා තීරණේ වැරදි නම් නැඟිටින්න. අපි ඉදිරියේ හැමදේම වුණේ. මේ කතා සියල්ල ඉක්මණින් නිවැරදි වේවී. මේ හරහා ඇයට ශ්‍රී ලංකාවේ කිරුළත් අහිමි වෙන තත්ත්වයක් තියෙන්නේ. ගවුමක් අල්ලන් වැඩක් නෑ. මේක ගවුම් තරගයක් නෙවෙයි. අවසාන ප්‍රශ්නයේදී තමයි පළවැනි දෙවැනියා තීරණය වෙන්නෙ. ඇයට වේදිකාවට තුන්සැරයක් අඬගහලා ගිහින් නෑ. ඇයගේ උත්තරේ දුන්නෙ අවසානේ. තමන්ගේ වැරදි වහගන්න අනිත් අයට ඇඟිල්ල දික් කරලා වැඩක් නෑ. මම නම් ඒ විනිශ්චය පිළිගන්නවා.

එතකොට එදා කැරොලයින් කරපු දේ හරි..?
මම හරි කියන් නෑ. එයාගේ පැත්තෙන් හරි ඇති. මටත් දැන් හිතෙනවා ඒක හරි කියලා. මට කැරොලයින් එක්ක කිසිම තරහක් නෑ. අද වෙනකන් මටවත් රෝසි මැතිනියටවත් වචනයක්වත් කියලා නෑ එයා.

පුෂ්පිකා කිව්වා ෆෝන් එකක් නැති වුණා කියලා..?
ඒකත් ග්‍රාමා එකක්. එහෙම දැම්මා නම් පොලිසියට යන්න එපැයි. මේවා එයාලම හදන ප්ලෑන්ස්.

පුෂ්පිකා බර්ත්ඩේ එකට ආවද නැද්ද?
මම ඇයට ආරාධනා කළෙත් නෑ. එයාව එතැනට ගෙන්නන්න ඕනි නෑ. මම ඇයට කියලා නෑ එල්ලුම් ගහ බලන්න යන්න කියලා. පියුමි ට මං කෝල් එකක් දුන්නා. එයාපෝට් එකේදී. එයා මට කිව්වා, උඹ ඔය යන්නෙ නයෙක් එක්ක. බොහෝම පරිස්සමින් ගිහිල්ලා වරෙන් කියලා. මිනිස්සු දැනන් හිටියා මෙයා කවුද කියලා.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top