යුද හමුදාවට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී රුපියල් කෝටි 2කට අධික මුදලක් වංචා කළ බවට චෝදනා එල්ල වී සිටි - සරත් ෆොන්සේකාගේ බෑණනුවන් වන ධනුන තිලකරත්න- වසර 4ක් අධිකරණය මඟ හරිමින් සිට පසුගිය වසරේ දෙසැම්බර් 19 දා කොළඹ මහාධිකරණයට භාරවූවා.
නඩුවේ පළමු විත්තිකරු වූ එම සමාගමේ අධ්‍යක්ෂකට මීට පෙර කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 02ක සිරදඬුවම් නියම කරනු ලැබුවා. ධනුන තිලකරත්න දෙවන විත්තිකරු වූ අතර, මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර තිබුණේ සරත් ෆොන්සේකායි.
විත්තිකරුවෙකුට එරෙහිව එකම චෝදනාවක් යටතේ අධිකරණ දෙකක නඩු පැවරීමට නොහැකි බවට ඉදිරිපත් වූ මූලික විරෝධතාවයක් මත තුන්වන විත්තිකරු වූ සරත් ෆොන්සේකා මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට මීට පෙර අධිකරණය පියවර ගත්තා.