දින 45 කට පසු මෙරටින් වාර්තා වූ අඩුම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වුණා.
පසුගිය මැයි මස 9 වන දා ආසාදිතයින් 1896ක් වාර්තා වූ අතර, ඊයේ මෙරටින් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 1941 ක්.
ඊයේ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින්ගෙන් 1917 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර විදේශයන්හි සිට පැමිණි 24 දෙනෙකු ද ආසාදිතයින් ලෙස වාර්තා වුණා.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2 ලක්ෂ 48 දහස් 50ක් ලෙස ඉහල යනවා.
තවදුරටත් ආසාදිතයින් 32,456ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 212,825ක්.
එමෙන්ම ඊයේ වාර්තා කරන ලද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද මරණ 45 සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2800 සීමාව පසුකර ගියා.
ඒ අනුව එය දැක්වුණේ 2814ක් ලෙසයි.
නව මරණ වලින් 27ක් පිරිමි පුද්ගලයින් වන අතර කාන්තාවන් 18 දෙනෙකුද ඊට ඇතුළත්.