Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Apr
30
රිෂාඩ් ගැන ඉන්දියාවෙන් පරීක්ෂණයක්, කේරළයේදී සම්බන්ධකම් පැවැත්වූ අය ගැනත් තොරතුරු එයි - Video

- රිෂාඩ් ගැන ඉන්දියාවෙන් පරීක්ෂණයක්, කේරළයේදී සම්බන්ධකම් පැවැත්වූ අය ගැනත් තොරතුරු එයි - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views
ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය
පරීක්ෂණ අරඹමින් කියූ දේ මෙන්න....

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ඉන්දියාවේ කේරළය සමඟ පැවති සබඳතා පිළිබදව ඉන්දීය ආරක්ෂක අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බව නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය වාර්තා කර තිබුණා.

එහි දැක්වුණේ මන්ත්‍රීවරයා කේරළය සමඟ පැවැත්වූ සබඳතා මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර 2009 වසරේදී කේරළයේ කසරාගොඩ් ප්‍රදේශයේ සංචාරය කරමින් එහි ආගමික නායකයින් සමඟ මොහු සබඳතා පවත්වා ඇති බවයි.

ඒ අනුව මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් පවතින වාර්තා තහවුරු කර ගැනීම සඳහා එරට පොලිසිය පරීක්ෂණයක් පවත්වන බවද එහි සඳහන්.

එමෙන්ම රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2013 වසරේදී චෙන්නායි හි කළ සංචාරයක් අතරතුර අදාළ පාර්ශය සමඟ සබඳතා ගොඩනගා ගෙන ඇති බවට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බුද්ධි අංශ සහ කේරළ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි එම පුවත් සේවය සඳහන් කළේ.

රිෂාඩ් බදියුදීන්ගේ පියාද කසරාගොඩ් හි පඩ්නා ප්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු එම ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනෙකු සමඟ සබඳතා පවත්වා ඇති බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර තිබුණා.

මේ වනවිටත් බුද්ධි කාර්යාංශය සහ ජාතික විමර්ශන ආයතනය ලක් රජය සමග මෙම විමර්ශණ වලට අදාල සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරන බවයි නිව් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත් සේවය සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් සමඟ සබදතා පැවැත්වූ තමිල්නාඩුවේ පුද්ගලයෙකු 2019 වසරේ ජූනි මාසයේදි අත්අඩංගුවට ගත් බවද එම පුවත් සේවය වාර්තා කළා.

කේරල ප්‍රාන්ත පොලිස් ප්‍රධානි ලෝක්නාත් බෙහෙරා මෙම පුවත් සේවයට පවසා ඇත්තේ අත්අඩංගුවට පත්ව ඇති ශ්‍රී ලාංකික දේශපාලන නායකයා සම්බන්ධයෙන් පවතින වාර්තා තහවුරු කර ගැනීම සඳහා තම පොලිසිය පරීක්ෂණ පවත්වන බවයි.

ඉන්දීය බුද්ධි නිලධාරීන් පඩ්නා ප්‍රදේශයෙන් අතුරුදන්වූ තරුණ මුස්ලිම් පවුල් 05 සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී මොවුන් 2016 වසරේ අයි.එස්. සංවිධානයට සම්බන්ධ වීම සඳහා සිරියාවට යාමට පෙර ඒ අතරින් කිහිපදෙනෙකු ශ්‍රී ලංකාවේ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ ආගමික පුහුණුවීම්වල නිරත වූ බවට අනාවරණය වී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදියදීන් පසුගිය 24 වනදා අත්අඩංගුවට ගනු ලැබූ අතර දින 90ක රැදවුම් නියෝග මත මොවුන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරමින් සිටිනවා.

මේ අතර, ඉල්ලීමක් සිදුකළහොත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාට ඉදිරි සතියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු සැසි වාරයට සහභාගි වීම සඳහා අවසර ලබාදීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන එකඟත්වය පළ කර තිබෙනවා.

ඒ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදියි. ඒ අනුව මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වමින් පාර්ලිමේන්තුවේ වේත්‍රධාරීවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලිඛිතව දැනුම්දීමක් ද කර තිබෙනවා.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් අද දහවල් කොළඹ දවටගහ මුස්ලිම් පල්ලිය අසළ දී උද්ඝෝෂණයක් පැවැත්වුණා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිංහලේ සංවිධානය සහ බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පැමිණිල්ලක් සිදුකළා.

ඒ, රිෂාඩ් බදියුදීන් කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරයා ලෙස සිටියදී 2018 වසර සඳහා පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට විමර්ශන නිලධාරීන් බදවා ගැනීම ජාතිවාදී පදනමෙන් සහ අයථා ආකාරයෙන් සිදුකර ඇති බවට සඳහන් කරමින්.

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top