මෙරට තුළ සිදු වන මාර්ග අනතුරු සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. මේ අනතුරුවලට වැඩිම හේතුව අපරික්ෂාකාරී වාහන ධාවනය බවයි පොලිසිය කියා සිටියේ.
කෙසේ වෙතත්, මෙවැනි තත්ත්වයක් තුළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ තරුණයන් කිහිප දෙනෙකු ඉතා අපරික්ෂාකාරී ලෙස ගමන් කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙමින් තිබෙනවා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයෙහි තිබු සටහනක් පහතින්...
හරක් කියන්නේ කව්ද කියලා ඇහුවොත් මේක පෙන්න...
ආඩම්බරයි එකත් CP
මේ ඊයේ දිනයේ (2021-04-10) දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ සිදු වීමකි.
ඉතාම අපරික්ෂාරී ලෙස මෙම තරණයන් පිරිස කඩවත සිට මාතර දෙසට දිවයන මර්ගයේ ගමන් කල අයුරුය. මා හට දැක ගන්නට ලැබුනී. කිසි දිනක අධිවේගී මාර්ගයක ගමන් කල නැති පිරිසක් මෙන් මේ පිරිස කටයුතු කලේ අනික් අයගේ ජීවිත ගැනද නොසලකාය.
තරුණයන් 5දෙනෙකු ගමන් කල මෙම රථය පැයට කිලෝමීටර් 150 ට ආසන්න වේගයකින් ගමන් කල අතර මොවුන් වරින් වර තම රථයේ දොර කවුලු වලින් එලියට එමින් ඉතා අපරික්ෂාරී ලෙස කටයුතු කලේය . මේ වැනි ක්‍රියා නිසා අහින්සක මිනිසුන්ටද කරදර විදීමට සිදු වන්නේ ය.
තමන්ගේ ජීවිත ගැනද නොසලකා අනුන් ගැනද නොසලකා ඔවුන් තමසිත් සේ අධිවේගී මාර්ගයේ මේ අයුරින් ගමන් කලේය.