Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Sep
23
“අවුරුදු 5ක් එකට ඉදලා වෙන් වෙද්දී මට දැනුණේ පට්ට දුකක්..කෝටි පහක් දුන්නත් මම ආයෙම ගන් නෑ...” - එක්වරම මුළු කණ්ඩායම ම තමන් අතහැර ගිය පසු, රටම කතාවෙන සීරියස් නායකයා මුල්වරට හෙළිකළ කතාව [Exclusive]

- “අවුරුදු 5ක් එකට ඉදලා වෙන් වෙද්දී මට දැනුණේ පට්ට දුකක්..කෝටි පහක් දුන්නත් මම ආයෙම ගන් නෑ...” - එක්වරම මුළු කණ්ඩායම ම තමන් අතහැර ගිය පසු, රටම කතාවෙන සීරියස් නායකයා මුල්වරට හෙළිකළ කතාව [Exclusive]Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

6 Views
“මියුසික් කියන්නේ තරඟයක් නෙවෙයි.”
 
“මට පොඩි දුකක් තියෙනවා, මම ඇයි එයාලට එහෙම කළේ කියලා....”
 
දකුණු ලක ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වුනු "සීරියස්" සංගීත කණ්ඩායම ගැන, නොහිතපු විදිහේ ආරංචියක් පසුගිය දවසක අපිට ලැබුණා. ඒ.. මේ සංගීත කණ්ඩායමේ නායකත්වය ඇරුණුකොට අනෙකුත් සියලුම සාමාජිකයින් ඉන් හදසියේම ඉවත්වූ බව.
 
මේ සාමාජිකයින් සියලු දෙනාම වීඩියෝවක් නිකුත් කරමින්, ඔවුන් සියලු දෙනාම කණ්ඩායම් සාමාජිකත්වයෙන් ඉවත් වෙන බවත්, අලුත් සංගීත කණ්ඩායමක් පිහිටුවන බවත් සඳහන් කළා.
 
කොහොම වුණත්... ඇත්තටම සීරියස් සංගීත කණ්ඩායමට මොකද වුනේ කියලා දැනගන්න, හිරු ගොසිප් අපි "සීරියස් නායක", ඉනේෂ් චිරන්තනව සම්බන්ධ කරගත්තා. මේ ඔහු අපිට කියපු කතාව.........................

තංගල්ල පුරවරයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වුනු "සීරියස්" සංගීත කණ්ඩායමට ඇත්තටම මොකද වුනේ..?
මුලින්ම කියන්න ඕනි. සීරියස් දාලා ගිය ඒ සාමාජිකයින් කිසිම කෙනෙක් එක්ක මම තරහක් නෑ. ඔවුන් එහෙම ගිහින් කියන්න උත්සහා කළේ මම වැරදියි කියලනේ. එයාලා කියලා තියෙනවා, සීරියස් එක්ක එයාලා හිටියේ සතුටින් නෙවෙයි කියලා. ඒත්.... මම හැමදේටම ප්‍රමුඛත්වය අරන් එයාලා එක්ක හිටියා. අපි රට රටවල්වල ගියා ෂෝ-වලට. එතකොට එයාලා සතුටින් නෙවෙයිද හිටියේ? මට දුකක් නෑ. සාමාන්‍යයෙන් යන්න ඕනි පිළිවෙලට එයාලා ගියානම්. කතා කරලා, අපි යනවා කියලා ගියානම් ඇත්තටම මම සුබ පතලා ඒ අයට යන්න දෙනවා.
 
එකපාරම සාමාජිකයින් ඔක්කොම අයින් වුනාම ඔබට කොහොමද ඒක දැණූනේ...?
ඇත්තටම පට්ට දුකක් දැණුනා. අවුරුදු පහක් අපි එකට වැඩ කළා. ෂෝ එකක්වත් නැති කාලෙත් මම එයාලව බලාගත්තා. නායකයෙක් හැටියට මගේ අතට තමයි හැම මුදලක්ම එන්නේ. හැබැයි මම ඒවා යූස් කළේ බෑන්ඩ් එක ඩිවලොප් කරන්නයි. ඒ හැමදේටමයි. සාමාජිකයන් සමහර විට තමන්ගේ අතට ආපු මුදල දැකලා මොනා හරි හිතන්න ඇති. මම එයාලව නොසලකා හරිනවා කියලා අයිඩියා එකක් හිතට එන්නැති. බෑන්ඩ් එකේ නන්ස්ටෝප් පවා මමයි හැදුවේ. ඒ හැමදේම එයාලා විසින්ම කියලා ඇති.
 
හදිසියේ ආයෙම සීරියස් සාමාජිකයෝ බෑන්ඩ් එකට ආවොත්?
මම හිතන් නැහැ. එයාලා ගියපු විදිහට ඒවි කියලා හිතන්න බැහැ. ඔයා අහන්නේ එහෙම ඇහුවොත්, කෝටි පහක් දුන්නත් මම ආයෙම ගන් නෑ. මට මනුස්සයෙක් වශයෙන් ජීවිතේ ගොඩ දාගන්න එයාලා වෙනුවෙන් සීයට සීයක් දේ කරන්න බැහැ. නමුත් එයාලා එහෙම මම සීයට සීයක් කරාවි කියලා බලාගෙන ඉන්න ඇති. මට පොඩි දුකක් තියෙනවා, මම ඇයි එයාලට එහෙම කළේ කියලා.
 
සාමාජිකයින් සියල්ල අත්ඇරුණත් සීරියස් කෙටි කාලයකින් ආයෙම කරළියට එනවා?
මම ඇත්තටම සීරියස් නැතිවුණාම වැටුණා. මම නිකන්ම මිනිහෙක් වුනා. ඒ වෙලාවේ මගේ බිරිඳ මම ඉන්න මානසිකත්වය දැනගෙන හිටියා. එයා මට කිව්වා "දුක් වෙන්න එපා, හැමදේම හරියයි" කියලා. මම කොච්චර ප්‍රැක්ටිස් කළත්... එයාලා ආයෙම එන්නේ නෑ. එදා මම හිතුවා මම ආයෙම මුල ඉඳන් හැමදේම පටන් ගන්නවා කියලා. එහෙම හිතලා වැඩේට අත ගැහුවේ. මුලින් 600ක් විතර නම් ආවා.. මම ඒ අතරින් හොඳම දක්ෂයෝ ටිකක් තෝරගත්තේ. කලින් හිටිය අය හොඳ නෑ, වැඩක් නෑ කියලා මම කියන් නෑ. ඊට වඩා දෙයක් කරන්නයි මට ඕනි. එයාලා අවුරුදු පහට මගේ බෑන්ඩ් එක වෙනුවෙන් ලොකු සාධාරණයක් කළා. සීරියස් ගෙනාපු ආර්ට් එක ඒ විදිහටම ඉස්සරහාට ගෙනියන්න මම මේ දක්ෂයෝ ටිකක් එකතු කරගෙන ලෑස්ති වෙන්නේ..
 
සීරියස් නැවත ආගමනයත් එක්ක, බස් රථයක සිංදු කිව්ව තරුණයෙක් ගැනත් අපිට අහන්න ලැබෙනවා?
ඔව් මම එයාව දැකපු වෙලාවේ අවුල් ගියා. එයත් එක මනුස්සයෙක්, එයා බස් එකේ සිංදු කියලා හරි ජීවිතේ ගොඩ දාගන්න උත්සහා කරන විදිහ මම දැක්කා. ලොකු දක්ෂයෙක්. එයාගේ නම චාමර හැරිගොඩ. මම එයාට සීරියස් එකට ආරාධනා කළා. එයා දුප්පත් කොල්ලෙක්. මට ඕනි එයා මේකෙන් ගොඩ ගිහින්, එයාගේ ගේ එහෙම හදාගෙන හැමෝම දන්න කියන චරිතයක් වෙනවට. අනිත් අතින් එයාව පාවිච්චි කරලා ප්‍රමෝට් වෙන්න, ගොඩ යන්න මට වුවමනාවක් නෑ. මම කැමතියි ඒ වගේ මනුස්සයන්ට හදවතින්ම උදව් කරන්න....
 
සීරියස් අලුත් සාමාජිකයින් එක්ක පළවැනි ප්‍රසංගය කවදද පැවැත්වෙන්නේ?
ලබන මාසේ 10 වැනිදා තංගල්ලේදී සීරියස් අපි පළවැනි ප්‍රසංග කටයුත්තට සුදානමින් ඉන්නවා.
 
කොහොමද දැන් ඔබේ අලුත් සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිචාර එහෙම?
මේ හැමදෙයක්ම වෙන්නේ මගේ මූලිකත්වයෙන්. දැනටම ගොඩාක් ප්‍රතිචාර ලැබෙනවා. කලින් බෑන්ඩ් හිටපු අයට දොස් කියන්නෙවත් නෑ මම. ඒ අය මගේ බෑන්ඩ් එක වෙනුවෙන් කැපවුණා. ඒ වගේම මම එයාලගේ ගමනටත් හදවතින්ම සුබ පතනවා. මට කියන්න තියෙන්නේ මියුසික් කියන්නේ තරඟයක් නෙවෙයි. හොඳ දෙයක්, පවතින දෙයක් කළොත් ඒ දේ හැමදාටම පවතිනවා. මම හිතන්නේ එහෙමයි.
 
Samitha Lakshan
 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top