දහට ගියත් පොල් ගෙඩියක් ගන්න වෙනවා..
පොල් ඵලදාව අඩුයි...
වෙළද පොලේ මේ වන විට විශාල ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 85ත් 95ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මීට මාස දෙකකට පමණ පෙර පොල් ගෙඩියක මිල පැවතියේ රුපියල් 40ත් 50ත් අතරයි.
මෙරට වාර්ෂික පොල් අවශ්‍යතාව පොල් ගෙඩි බිලියන 3.5ක් වන අතර ගෘහස්ථ පාරිභෝජනයට පොල් ගෙඩි බිලියන 1.8ක් අවශ්‍ය වනවා.
එමෙන්ම, පොල් තෙල් සදහා පොල් ගෙඩි බිලියන 0.4ක් සහ අපනයනය කරන ගෙඩි සංඛ්‍යාව බිලියන 1.3ක්
පසුගිය වසරේ මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි බිලියන 2.8ක් ලෙස වාර්තාවුනා.
ඒ අනුව එම වසරේ පමණක් පොල් ගෙඩි බිලියන 0.7ක හිගයක් පැවති තිබෙනවා.
මෙම වසරේදි පොල් හිගය තවදුරටත් ඉහල ගොස් තිබෙන අතර වෙළඳපොළේ පොල් සදහා පවතින්නේ ඉහල මිලක්.
පොල් මිල ඉහළ යාමත් සමග පොල් ආශ්‍රීත වෙනත් නිෂ්පාදන සඳහා භාවිත කරණ අමුද්‍රව්‍ය වල මිල ද ඉහල ගොස් තිබෙනවා.
වෙළඳපොළේ ඉහල ගොස් ඇති පොල් සඳහා පාලන මිලක් ගෙන ආ යුතු බවයි පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් සුරීකා අත්තනායක අප කල විමසිමකදි සදහන් කලේ.
පොල් ගෙඩියක් සඳහා රුපියල් 75 ක මිලක් නියම කළ යුතු බවට වන යෝජනාවක් රජයට ඉදිරිපත් කර ඇති බවද ඇය සදහන් කලා.