අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට ඉගෙනුම් ක්‍රියාවලියේ යෙදෙන පාසල් දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය වෙත පිවිසීමට නොහැකි වන නව පැකේජ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් හඳුන්වා දී තිබෙනවා.
නිවසේ සිට අන්තර්ජාලය ඔස්සේ සිය රාජකාරීවල නිරත වන අයට ද පැකේජ හඳුන්වා දී ඇති අතර, මීට අදාළ සියළු විස්තර විදුලිි සංදේශ නියාමන කොමිසමේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකි වනවා.
අන්තර් ජාල සේවා සපයන ආයතන හරහා හඳුන්වා දී ඇති මෙම පැකේජ භාවිතා කරන්නන්ට සහන රැසක් හිමි වන බවයි එම කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ඔසඳ සේනානායක සඳහන් කළේ.