නිරෝධායනය අවසන් කළ පුද්ගලයින් 252කු අද, සිය නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි.
පූනානි, අම්පාර සහ පැල්වෙහෙර යන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනය වෙමින් සිටි පිරිසක් මෙලෙස පිටව යන බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ කියා සිටියේ.
ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ තවදුරටත් පුද්ගලයින් 4,387 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.