මුස්ලිම්වරුන්ට අසාධාරණයක් වන ලෙස මෝදි රජය මගින් ඉදිරිපත් කර ඇති බවට චෝදනා එල්ල වන පුරවැසි පනතට එරෙහි විරෝධතා උත්සන්න වීමත් සමඟ ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ ප්‍රදේශ රැසක අන්තර්ජාල පහසුකම් අත්හිටුවා තිබෙනවා.
ඒ, බෙංගාලයේ මුර්ෂිදාබාද් හි දුම්රිය ස්ථානයකදී දුම්රිය 5ක් විරෝධතාකරුවන් විසින් ගිනිබත් කිරීමෙන් අනතුරුවයි.
බටහිර බෙංගාලයේ අගනුවර වන කොල්කටාවේ ප්‍රධාන මාර්ග ද විරෝධතාකරුවන් විසින් අවහිර කරනු ලැබුවා.
පුරවැසි පනතට එරෙහිව ඊසානදිග ඉන්දියාවේ ප්‍රාන්ත රැසකින් විරෝධතා එල්ල වන අතර, ඇසැම් ප්‍රාන්තයේ ගුවහටි නුවර ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.
එහිද අන්තර්ජාල පහසුකම් දැනටමත් අත්හිටුවා තිබෙනවා.
ඇසැමයේ විරෝධතාවලදී පුද්ගලයන් 3 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්වුණා.