මිනිසුන් අතරට යන්න ඕන කෙනෙක්ට පුළුවන් වුණාට, ඒ මිනිස්සුන්ගේ හිත්වල තරුවක් වෙන්න හැම කෙනෙක්මට බෑ. ඒකට යම් විශේෂත්වයක් තිබිය යුතුමයි. වේදිකාව, රූපවාහිනිය, සිනමාව යන ත්‍රිත්ව මාධ්‍යයන්ගෙන් ජනතා ආදරය, ගෞරවයට පාත්‍ර වුණු ඔහු නමින් ශ්‍රියන්ත මෙන්ඩිස්. මේ ඔහු ගැන තොරතුරුයි.
“ශ්‍රියන්ත මෙන්ඩිස්” කියන ඒ කලාකරුවාව ගොඩනගන්න, කුඩා කාලයේ සිට ඔබ උත්සහ කළා ද?
ලොකු වෙලා තමන් මේ දේමයි කරන්නේ කියන්න තරම් විඥානයක්, කුඩා දරුවෙක් තුළ නැහැයි කියලයි මම හිතන්නේ. නමුත් යම් කිසි එල්ල ගත්ත කාරණාවක් අධ්‍යාපනය මඟින් ලබා දුන්නොත්, ඒකට ප්‍රවිෂ්ඨ වෙන්න පුළුවන් මාවතක් හදාගන්න පුළුවන්. ඔය කියන කාලයේ දී, කලා භාවිතයට එන්න කිසිම අවබෝධයක් කැමැත්තක් මට තිබුණේ නැහැ. හේතුව මම ඉගෙන ගන්නෙත් විද්‍යා විෂය ධාරාව. කොහොම වුණත් දෛවය විසින් මාව ඒ තැනට යොමු කළා. ඇත්තටම මම විශ්වාස කරන්නේ, ශ්‍රියන්ත මෙන්ඩිස් කියන කලාකරුවා නිර්මාණය කිරිම දෛවය විසින් සැදු මාවතක් කියලා...
ඒ කියන්නේ, කුඩා කාලයේ ඔබට කිසිම හීනයක් තිබුණේ නැහැ?
මම ඉස්සර පාසල් ගියේ, කෝච්චියේ. ඒ දවස්වල පුංචි හීනයක් තිබුණා කෝච්චි රියදුරෙක් වෙන්න. පසුකාලීනව මම හිතන්න වුණා.. ඇයි මට එහෙම හීනයක් ඇති වුණේ කියලා. ඇත්තටම රියදුරෙක් තමයි ජීවිත දහස් ගණනක් සුරක්‍ෂිත කරමින් අවශ්‍ය ස්ථානයට ඔවුන් රැගෙන යන්නේ. ඒ නිසා වෙන්න ඇති මට එහෙම ආසාවක් දැනෙන්න ඇත්තේ.
ඔබ කලා ක්‍ෂේත්‍රයට සම්බන්ධ නොවුණා නම්,
ඇත්තටම කලාව කියන්නේ මගේ පරිභාහිර ක්‍ෂේත්‍රයක්. මට වසර 33 ක ගුරු භූමිකාවක් තමා තියෙන්නේ. එයට හේතුව මට නිතර නායකත්වය ගැනීමේ ඕන කමක් උනන්දුවක් තිබුණා. ඒ නිසා වෙන්න ඇති ඉබේම වගේ මේ ක්‍ෂේත්‍රයන්වලට මාව යොමු වුණේ.
ඔබ ජ්‍යෝතිෂ්‍ය විශ්වාස කරනවාද?
ඔව් ඇත්තෙන්ම. හේතුව ජ්‍යෝතිෂ්‍ය කියන්නේ, පරිසරයක් එක්ක බැදුණු මහා දැවැන්ත කාරණාවක් විදිහටයි මම දකින්නේ. ග්‍රහයන් සහ පරිසරය අපේ ජීවිතයට බද්ධ වෙන්නේ කොහොමද කියන කාරණාව ජ්‍යෝතිෂ්‍ය ඔස්සේ මනාවට කියා දෙනවා.
හදහන බලන්න විශේෂ අවස්ථා තියෙනවා ද?
මම උපතින්ම කතෝලික භක්තිකයෙක්. මට හදහනක් තිබ්බේ නැහැ. ඒත් මම විවාහ වුණේ, .බෞද්ධ කාන්තාවක් එක්ක. මම මුලින්ම හදහන බැලුවේ විවාහයට.ඇත්තෙන්ම හදහන බැලුවට පස්සේ එහි අන්තර්ගත යම් යම් කාරණා නිවැරදියි කියලා තේරුම් බේරුම් කරගත්තා. මිට වසර ගානකට කලින් ඒ කියපු කාරණා අද වෙනකොට සාක්‍ෂාත් වෙලා තියෙනවා
ජීවිතයේ ලැබෙන සමහර දේවල් අපිට ලැබෙන්නේ කොහොමද?
පෙර භවයන්වල අපි කරපු පිං, මේ භවයේ දී පල දෙනවා. ඒක බුදු හාමුදුරුවෝ හොඳින් දේශනා කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ හිත පිරෙන්න පුළුවන් තරම් පිං කරන්න කියලයි. එතකොට තමයි ඊළඟ භවයේ දී, අපේ ජිවිතය යම් ස්ථාවර මට්ටමක පවත්වා ගන්න පුළුවන් වෙන්නේ.
සමහර දේවල් ලැබෙන්නේ දෛවයට. එහෙම නැත්නම් වාසනාවට නෙමෙයි ද?
අපිට දක්‍ෂතාවය ලැබිලා තියෙනවා. බයිබලයේ ඒකට කියනවා තලෙන්ත කියලා. බුදු දහමේ කියලා තියෙනවා කුසල් කියලා. කුසල් ඉපදීමෙන් තමයි කුසලතාවය ලැබෙන්නේ. එතකොට කුසලතාවය ලැබෙන්නේ පෙර පින නිසා. යම් කිසි භවයක අපි කරන පිං, මේ භවයේ දී හෝ ආසන්න භවයකදී හෝ ඊට ඈත භවයක දී ඒ පිං පල දෙනවා. ඒ කරපු පිං තමයි වාසනාව විදිහට අපිට යම් භවයක දී ලැබෙන්නේ. දෛවය කියන්නේ අන්න ඒකටයි. ඒත් එහෙමයි කියලා අපි වාසනාව අතට එනකම් බලන් ඉන්න එක නෙමෙයි කරන්න ඕන. උනන්දුවෙන් සහ කැමැත්ත, ආදරයත් ලෙංගතුකමත් ඒ වගේම ගෞරවයත් තියෙන්න ඕන. එතකොට තමයි ඉබේම නැවත නැවතත් වාසනාව තමා කරා ළඟා වෙන්නේ.
සතුටට වඩා දුක මිනිස් හදවත්වලට සමීපයි. ඔබේ ජීවිතයේ ඔබට දැනුණු දුක, වේදනාව කොහොමද සමබර කරගන්නේ?
දුක කියන්නේ අපි මව් කිරි එක්කම උරා බීපු දෙයක්. දුක මේ ලෝකයේ හැම තැනම, හැම දේකම ගෑවිලා තියෙනවා. ඒ සියලු දේ අතහැරීම නිසානේ බුදුහාමුදුරුවන්ට බුදු බව ලබාගන්න වුණත් පුළුවන් වුණේ. අද කාලේ සිංදුවක් ගත්තත්, තියෙන්නේ විරහව. ඉතින් හැමතැනම ඒ දුක, විරහව, කඳුළ, වේදනාව තියෙනවා නම් ඒක මටත් පොදු දෙයක් විදිහටයි මම දකින්නේ.
ඔබ යම් කිසි දුකකින් ද මේ කතා කරන්නේ?
මං ඒ ප්‍රශ්නයට කථාවකින්ම උත්තරයක් දෙන්නම්. ලෝකයේ ධනවත්ම මනුස්සයා බිල් ගේට්ස්නේ. දවසක් බිල්ගේට් මහත්තයා කඬේකට ගිහින් කෝපි කෝප්පයක් බීලා, ගතමනාව එක විදිහට ඩොලර් 5 ක් ඒ වේටර්ගේ අතට දෙනවා.එතකොට මූණ ඇඹුල් කරගන්න වේටර් කියනවාලු ඔයාගේ දුව ඊයේ ඇවිත් කෝපි බීලා ඩොලර් 50 ක් දුන්නා කියලා. ඒක අහගෙන හිටපු බිල්ගේට් කියන්නේ එයාගේ තාත්තා ලෝකේ ධනවත්ම මනුස්සයා වෙන්න පුළුවන්. ඒත් මගේ තාත්තා දුප්පත් ගොවියෙක්. ඒ නිසා මට දුකයි නිකරුණේ මුදල් නාස්ති කරන්න කියලා.
ඔබ කියන්නේ පොහොසත්ම මිනිසා බිල් ගේට්ස්ටත් දුකක් තියෙනවා නම්, ඔබේ දුක මොකක්ද කියලනේ?
ඇත්තෙන්ම ඔව්. ලෝකයේ දුප්පත්ම පුද්ගලයාට වගේම ලෝකයේ ධනවත්ම පුද්ගලයාටත් දුක කියන දේ උරුමයි. විශේෂයෙන්ම අද ලංකාවේ වෙන දේවල් බැලුවාම දුක වේදනාව කියන දේ ඕනම මනුස්සයෙක්ට ලේසියෙන්ම දැනෙන දෙයක්... ඒක එච්චර හිතන්න ඕන කාරණාව්ක නෙමේ.
ජාතිය, ආගම, පුද්ගල ස්වභාවය වැනි මිනිසුන් තුළ ඇති විවිධ වූ අදහස් කලාවෙන් වෙනස් කළ හැකි ද?
ඔව් අනිවාර්යෙන්. කලාකරුවාට, කලා කෘතියකට පුළුවන් ලෝකය වෙනස් කරන්න. නිවැරදි කලාකරුවා රටක දෙවෙනි ආණ්ඩුව හැටියටයි සැලකෙන්නේ. කලා කරුවා කරන ප්‍රකාශන ජනතාව මනසට එකතු කරගන්නවා. ඒ නිසා කලාවට බොහෝ දේ කළ හැකියි.
කලාකරුවන් කියන දේ මිනිස්සු එහෙම අත උඩින් පිළිගන්නවා ද?
ඒකට උදාහරණ කොච්චර තියෙනවා ද? බලන්න රුසියානු විප්ලවයට පුරෝගාමි වුණු, මැක්සිම් ගෝර්කි, නිකොලොයි ගොගොල්, ඇන්ටන් චෙකෝව්, ලියෝ ටෝල්ස්ටෝයි වගේ දැවැන්තයින් දිහා. එයාලා ලෝකය වෙනස් කළේ නැද්ද? කලාව කියන්නේ, ආනන්දයෙන් ප්‍රඥාව කරා ඔසවා තබන මාධ්‍යයක්. මිනිස්සු ප්‍රඥාවන්තයෝ කරන්න කලාවට පුළුවන්. එතකොට තමයි යථාර්තය තේරුම් යන්නේ. ඒ නිසා කලාකරුවාට පුළුවන් ලෝකය වෙනස් කරන්න. නිවැරදි කලාකරුවා කියන දේ මිනිස්සු පිළිගන්නවා.