'ශ්‍රී ලාංකීය Reality Television නව්‍යකරනයේ අභිමානවත් රන්වන් රැය...' හිරු මෙගාස්ටාර්ස් අවසන් මහා තරඟය ඊයේ (29) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා.
නිල්මිණි තෙන්නකෝන් ප්‍රමුඛ "ශාක්‍යයන්ස්" කණ්ඩායම සහ යුරේනි නොෂිකා ප්‍රමුඛ "සූර්යන්ස්" කණ්ඩායම හිරු මෙගා ස්ටාර්ස් වේදිකාව වර්ණවත් කළා.
සුපුරුදු පරිදි මේ තරඟයේදීත් කණ්ඩායම් දෙකෙහි දක්ෂතා හා නිර්මාණ අධීක්ෂණය කිරීමට ගෞරවනීය විනිශ්චය මණ්ඩලය ලෙස එක් වූයේ ශ්‍රී ලාංකීය සිනමාවේ ජීවමාන රංගන පෞරුෂය ප්‍රවීන රංගනධර රවීන්ද්‍ර රංදෙණිය, හෙළ සිනමාවේ සුරූපිණියක් මෙන්ම ආකර්ෂණීය චරිතයක් වන සබීතා පෙරේරා, නර්ථනයෙන් හා රංගනයෙන් සැමගේ හද බැඳ ගත් දිල්හානි ඒකනායක සමගින් ආරාධිත විනිසුරු අසුන හිමිවූ මුළු රටම හඳුනන ප්‍රවීණ සිනමා නිළි ස්වර්ණා මල්ලවාරච්චියි.
කණ්ඩායම් දෙකෙහිම කරට කර තරඟවට අතරින් හිරු මෙගාස්ටාර්ස් අවසන් මහා තරඟයේ ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට යුරේනි නොෂිකා ප්‍රමුඛ "සූර්යන්ස්" කණ්ඩායම සමත්වුණා.