මිනිසෙකු මේ ලෝකෙට උපදින්නේ එක්කෝ ස්ත්‍රීයක් ලෙස, නැත්නම් පුර්ෂයෙකු ලෙස. නමුත් එසේ උපන්නත් සමහර පුද්ගලයින්ගේ ශරීරයේ හෝමෝනවල වෙනස්කම් හේතුවෙන් එම පුද්ගලයින්ට තමන්ගේ ලිංග භේදය නිසා අපහසුතාවයට පත්වන අවස්ථා අනන්තවත් තිබෙනවා.
එවැනි පුද්ගලයින්ට තමන්ගේ ලිංග භේදය වෙනස්කර ගැනීමට අවශ්‍යතාවය ඇති වුනත් සමාජයෙන් එල්ලවන බලපෑම නිසා එවැනි දෙයක් කිරීමට පසුබට වෙනවා.
මෙවැනි පුද්ගලයින් වෙනුවෙන් හඬනඟන්නෙකු පිළිබඳ ඇමරිකාවෙන් ආරංචි වෙනවා.
ඇය නිරූපණ ශිල්පිනියක්, ලේඛිකාවක් මෙන්ම රංගන ශිල්පිනියක් වන Hari Nef. ඇය ලිංග විපර්යාසයන්ට ලක්වූවන්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන සමාජ සේවිකාවක්. එසේ වුවත් ඇයද එසේ ලිංග විපර්යාසයන්ට ලක් වූවෙකි.
ඇයත් සමඟ The Interview සඟරාව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක සිංහල පරිවර්තනය මෙසේ දැක්විය හැකිය.
ඔබේ වෘත්තීය ජීවිතය ගැන පැහැදිලි කළොත් ?
මම රංගන ශිල්පිනියක්, මෝස්තර නිරූපිකාවක් හා සමාජ ක්‍රියාකාරිනියක් ලෙස වැඩ කරනවා. මම සමාජ ක්‍රියාකාරිනියක් ලෙස හැඳින්වීමට පෙර මාධ්‍ය මාව සමාජ ක්‍රියාකාරිනියක් විදිහට හැඳින්වූවා.
ඒ ගැන මුලින්ම මට තිබුණේ තරමක දුරට සැකයක්. මම හිතුවේ මම ලිංග විපර්යාසයන්ට ලක් වූ තවත් එක් පුද්ගලයෙක් විතරයි කියලා.
මම මගේ වෘත්තීය ජීවිතයෙන් ඉහළට යද්දී මම වගේම ලිංග විපර්යාසයන්ට ලක් වූ පුද්ගලයින්ගේ අයිතීන් වෙනුවෙන් කතා කරන්න පටන් ගත්තා. උදාසීනකම කියන්නේ කවදාවත් විකල්පයක් නෙමෙයි, තමන් ගැන උනන්දු වීම වගේම පරාර්ථකාමීත්වය කියන්නේ එක හා සමාන දෙයක්.
මම ලිංග විපර්යාසයන්ට ලක් වූවන්ට උපදෙස් දෙනවා. ඒක හරියට මම මටම උපදෙස් දෙනවා වගේ වැඩක්.
ඔබට මේ මොහොතේ තිබෙන දැවැන්තම අභියෝගය මොකද්ද ?
මම ලිංග විපර්යාසයන්ට ලක්වූවෙක් කියන හැඟීම තමයි මට දැන් තියෙන අභියෝගය. නමුත් ඒක මට ගැටළුවක් නෙමෙයි.
ඒක ගැටළුවක් වෙලා තියෙන්නේ සමාජයට. සමාජය මේ ගැන හරි අවබෝධයෙන් බලන්න උත්සාහ කරන්නෙම නෑ.
මීළග වසර පහ තුළ මේ සම්බන්ධයෙන් සිදුවිය යුතු වෙනස්කම් ලෙස ඔබ විශ්වාස කරන්නේ මොනවාද ?
අපිටම කියලා නීතියක් තිබුණනම් හොඳයි. මේ ලෝකය තුළ අපි වෙනස් පුද්ගලයින් නොව සමාන පුද්ගලයින් ලෙස සැලකීමට නීති පද්ධතියක් අවශ්‍යයි.
ඒ වගේම තමයි අපේ ජීවිතය ආරක්ෂා කරන වෛද්‍යාධාර වලට නොමිලේ පිවිසීමට වගේම අපේ ලිංගිකත්වය නීත්‍යනුකූල කිරීමටත්, අපේ ලිංගික අනන්‍යතාවය අනුව පිවිසිය හැකි විවේකාගාර වලට පිවිසීමටත් අපිට හැකිවිය යුතුයි.
අපිට තියෙන ලොකුම ප්‍රශ්නය අපි වගේ පුද්ගලයින්ට වෙන් වුණ විවේකාගාර නොමැති වීම. අපිට කාන්තා විවේකාගාරවලට යන්නත් බෑ. පිරිමි විවේකාගාරවලට යන්නත් බෑ.
මම විශ්වාස කරනවා අපිව වෙනස් විදිහට නොසලකන සමාජයක් ඉදිරියේ දී ඇති වෙයි කියලා.
ඔබේ ජීවිතය තුළ අත්පත්කරගත් සුවිශේෂී ජයග්‍රහණ මොනවාද ?
ගිය අවුරුද්දේ කොළොම්බියා සරසවියේ "නාට්‍ය හා කලා අංශයෙන්" මම උපාධිය ගත්තා. ඒත් සමඟම ඉතිහාසයේ පළමුවරට ලිංගික විපර්යාසයට ලක්වූ තැනැත්තියක් ලෙස ලෝ ප්‍රකට IMG සමාගම සමඟින් නිරූපණයේ යෙදෙන්න ගිවිසුමකට එළඹෙන්නත් මට අවස්ථාව හිමිවුණා.
රූපවාහිනී නාට්‍ය හා සම්බන්ධ වීමට, මිලාන් වල පැවතුණු Gucci විලාසිතා දැක්මට සහභාගී වීමේ භාග්‍යත් මට හිමිවුණා. National Center for Transgender Equality [transequality.org] හි නියෝජිතයකු මෙන්ම උපදේශකවරියක ලෙස ද මම දැන් කටයුතු කරනවා.