මඩකලපුව, කාත්තන්කුඩි පොලිස් වසමට අයත් කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේ යාචක කණ්ඩායම් දෙකක් අතර ඊයේ සවස ඇති වූ ගැටුමක් ඇතිවී තිබුණා.
ඒ හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව කාත්තන්කුඩි පොලිසිය පවසනවා.
ශුද්ධ වූ උපවාස සමයේදී, පිටත පලාත්වල සිට විශාල පිරිසක් කාත්තන්කුඩි ප්‍රදේශයට පැමිණ සිඟමනයේ යෙදි, රාත්‍රියේ සාප්පු ඉදිරිපිට නිදා ගැනීම සහ පසුදා නැවත සිඟමනේ යෙදෙනවා.
එවැනි යාචක කණ්ඩායම් දෙකක් මෙම ගැටුම ඇති වී ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අවස්ථාවේදී ගැටුමට සම්බන්ධ වූවන් බීමතින් සිටි බව ද වාර්තා වෙනවා.
තුවාලකරුවන් කාත්තන්කුඩි පොලිසියේ සහාය ඇතිව ගිලන් රථයකින් මඩකලපුව ශික්ෂණ රෝහලට ගෙනගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.