ඒ අනුව උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම පළාත් සහ පොලොන්නරුව, හම්බන්තොට දිස්ත්‍රික්කවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.
අද රාත්‍රී 11 දක්වා වලංගු වන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මෙම කාලසීමාව තුළ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.