ඉතිහාසයේ පළමුවරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල, අද අමෙරිකානු ඩොලර් 4000 සීමාව ඉක්මවා ගියා.
ඒ අනුව, එය සටහන් වන්නේ අමෙරිකානු ඩොලර් 4018ක් ලෙසයි.
ලෝක ආර්ථික තත්ත්වය සහ දේශපාලන තත්ත්වය පිළිබඳව පවතින අස්ථාවරත්වය මෙලෙස මිල ඉහළ යාමට හේතුව බව සඳහන්.
අද දිනයේ ලෝක රන් මිල ඩොලර් 4000 සීමාව ඉක්මවා යාම හමුවේ මෙරට රන් මිල ද ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 320,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි අප කළ විමසීමකදී සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමයේ ලේකම් රාමන් බාලසුබ්‍රමනියම් සඳහන් කළේ.
එමෙන්ම කැරට් 22 රත්‍රං මිල ද රුපියල් 296,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයට සාපේක්ෂව මෙරට වෙළදපළේ රත්‍රං මිල රුපියල් 6000කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.