පැවති අයගපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බදුල්ල - නාරංගල කන්ද නැරඹීමට ගොස් අතරමංව සිටි තරුණ පිරිසක් නිරුපද්‍රිතව මුදාගැනීමට යුද හමුදා නිලධාරීන්ට හැකිව තිබෙනවා.
ඊයේ පස්වරුවේ පැවති ධාරාණිපාත වර්ෂාවත් අධික සුළං තත්ත්වයන් හේතුවෙන් කඳු මුදුණේ අතරමංව සිටි තරුණයින් 21 දෙනෙක් සහ එක් තරුණියක් මෙලෙස මුදාගැනීමට හැකිව ඇති බව සදහන්.
මෙම පිරිස මීගමුව,නුගේගොඩ, මහරගම, කොස්ගොඩ, පන්නිපිටිය යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙනවා.
ලැබුණු තොරතුරකට අනුව ඊයේ රාත්‍රි නවයට පමණ බදුල්ල, එළදළුව පිහිටි 112 බළසේනා මූලස්ථානයේ නිලධාරී කණ්ඩායමක් අතරමංව සිටි පිරිස මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණා.