දැන් මේ කතාවම ටෙලි නාට්‍යයක් විදියටත් 'හිරු ටී.වී. හි දිග හැරෙනවා.
“ මට හරි සතුටුයි.. මම ප්‍රාර්ථනා කරනවා චිත්‍රපටයට ලැබුණු ජනප්‍රියත්වයම ටෙලි නාට්‍යයටත් ලැබේවා කියලා. මේ චිත්‍රපටය කාලයක් පුරාවට පරම්පරා කීපයක්ම රස වින්දා. ‘දං චූටි’ ගැන හැමෝම දැන ගත්තේ ඒ නිසා.
චංචල රේඛා කතාවේ හැටියට 'දං චූටිට' එයාගේ අය්යා හුගාක් ආදරය කළා. ඒ නිසාම ඔහු ප්‍රශ්න රැසකට මුහුණ දුන්නා. ඉතින් මේ චිත්‍රපටයේ සමහර ජවනිකා රූපගත කරද්දි නදිකා ගුණසේකර රංගන ශිල්පිණියට ඒ අතීතය කිසිදා අමතක නොවන මතකයක් බව ඇය කිව්වේ මෙන්න මෙහෙම.
“මම ඒ වෙද්දි රඟපාලා තිබුණේ චිත්‍රපට හතරයි. රඟපාන්න ලැබිලා තිබුණේ ජීවන් කුමාරණතුංග, සනත් ගුණතිලක, අමරසිරි කලංසූරිය, වගේ රංගන ශිල්පීන් දෙතුන් දෙනෙක් එක්ක විතරයි. ඉතින් ගාමිණී අය්යා වගේම චිත්‍රපටයේ අධ්‍යක්ෂ, සේන සමරසිංහ මහත්තයත් අපිට වඩා ප්‍රවීනයෝ. ඒ අය මට හමුවෙන්නේ පළමු වරට.
ඒ දෙන්නගෙනුත් සේන අය්යා මගේ අම්මාගේ පැත්තෙන් (තලතා ගුණසේකර) ඥාති වෙනවා. ඉතින් ගාමිණී අය්ය එක්ක මම රඟපාන්නේ කොහොමද කියන ගැටළුවත් මට තිබුණා. නමුත් රගපාන්න හමු වුණාම තමයි ඔහු ගැන හරියටම මම දැන ගත්තේ. ඔහු මගේ වයස ගානටම ඇවිත් තමයි සැහැල්ලුවෙන් රගපාන කොට. ඒක හරිම ලස්සන කාලයක්. කවදාවත් අමතක නොවන අත්දැකීමක්. ‘දං චූටි’ ජනප්‍රිය වුණෙත් ඒ නිසයි.
කොහොම වුණත් දැන් මේ විදියටම ටෙලි නාට්‍යයේ 'දං චූටිත්' ජනප්‍රිය වේවා..රසික රසිකාවන් ආදරය කරන චරිතයක් වේවා. කියලා මම ප්‍රාර්ථනා කරනවා.
"දැන් ඔබේ දියණිය, තෙනුකිත් නිළියක් වුනා නේද..?
ඔව්. ඇය දැන් අවුරුදු 21 ක තරුණියක්. පුංචි කාලේදි ඇගෙන් කවුරු හරි ‘අම්මා වගේ රඟපාන්න කැමැති නැද්ද කියල අහද්දි එයා මගේ දිහා බලල මුකුත් නොකිය හිනා වෙනවා. මට ඒ වගේ අවස්ථාවලදී තේරුණා දුවට රඟපාන්න කැමැත්තක් තිබෙන බව. ඉතින් ඇයට දැන් ඒකට ඉඩක් ලැබුණා. දැන් තෙනුකි දුව අපේ හිතවත් ශිවාගේ චිත්‍රපටයක වගේම සෝමරත්න දිසානායක අය්යගේ චිත්‍රපටයකත් රඟපානවා. මට ඉතින් හරි සතුටුයි. ඇය තනියම ඒ රංගන කටයුතු කරගෙන යන එකට. පානවා..!
ඒ වගේම මම චංචල රේඛා ටෙලි නාට්‍යයේ අලුත් 'දං චූටිට' මම සුබ පතන්නත් අමතක කරන්නේ නැහැ."