නුවරඑළියේ සිට යාපනය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් වලපනේ ප්‍රදේශයේදි මාර්ගයේ ඉවතට පැන ආරක්ෂිත පස් බැම්මක ගැටී නතර වීමෙන් සිදු වීමට ගිය විශාල අනතුරක් වැළකී ඇති බව වලපනේ පොලිසිය පවසනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ, ඊයේ පස්වරු 4:00ට පමණ නුවරඑළිය වලපනේ ප්‍රධාන මාර්ගයේ වලපනේ මහ ඌව ප්‍රදේශයෙදී.
අධික බෑවුමක් සහිත එම මාර්ගයේ මහ ඌව වංගුව ප්‍රදේශයේ මීට ප්‍රථම රිය අනතුරු ගණනාවක් සිදු වූ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය මගින් අධික බෑවුම් සහිත ස්ථානයේ පස්වලින් ආරක්ෂිත බැම්මක් ඉදි කිරීම නිසා මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් බස් රථය පස් කන්දේ ගැටී නතර වී ඇති බවයි වලපනේ පොලිසිය කියා සිටියේ.
යාපනයේ සිට නුවරඑළිය සංචාරයක් සදහා පැමිණි 28 දෙනෙකු එම බස් රථයේ පැමිණ ආපසු යාපනය දක්වා බස් රථය ධාවනය කරවන අවස්ථාවේ බස් රථයේ තිරිංග පද්ධතියේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදි බස් රථය ඉදිරියට ඇදී ගොස් ආරක්ෂිත පස් බැම්මේ වැදී නතර වි ඇත.
අනතුරින් කිසිවෙතුටත් තුවාල සිදුව නොමැති අතර, අනතුරින් බස් රථයටද දැඩි අලාභ හානි සිදු වී තිබේ.