Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
29
වයසට යාම පාලනය කරන විටමින් වර්ග ගැන ඔබ දන්නවද ?

- වයසට යාම පාලනය කරන විටමින් වර්ග ගැන ඔබ දන්නවද ?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,768 Views

අපි අනිවාර්යයෙන්ම ශරීර අභ්‍යන්තරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග ලබා ගත යුතුයි. වයසට යාම පාලනය කර ගැනීම සඳහා ලබා ගත යුතු විටමින් වර්ග මොනවද කියලා මේ ලිපියෙන් අපි බලමු .


විටමින් A

වයසට යාම වැළැක්වීම සඳහා භාවිතා කළ යුතු විටමින් වර්ග වලින් ප්‍රධානම විටමින් වර්ගයක් ලෙස විටමින් A හඳුන්වන්නට පුළුවන්.වැඩිහිටි අයෙකුගේ ආහාර වේලක අඩංගු විය යුතු අත්‍යවශ්‍ය පෝෂකයක් ලෙස සැලකෙන මෙය ශරීරයේ අභ්‍යන්තරයෙන් සහ බාහිරින් වයසට යාමේ බලපෑම් මන්දගාමී කිරීමට උපකාරී වනවා. රෙටිනෝල් ලෙසද හඳුන්වන විටමින් A කොලජන් නිෂ්පාදනය වැඩි දියුණු කරන අතර සමේ අඛණ්ඩතාවය වැඩි දියුණු කරමින් වයසට යාමේ ලකුණු ඇති වීම පාලනය කරනවා.

විටමින් C

විටමින් සී ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් ලෙස සැලකෙනවා.ඒවගේම එය සම නඩත්තු කිරීම සඳහා කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරමින් සමේ සෞඛ්‍ය වැඩි දියුණු කරනවා. ඒ වගේම හිරු කිරණ වලින් සමට ඇතිවිය හැකි අහිතකර හානි වලින් ද සම ආරක්ෂා කරනවා.විටමින් සී වල තුවාල සුව කිරීමේ ගුණාංගද අඩංගු වන අතර සම මත රැලි ඇතිවීම , සමේ පැහැය ඒකාකාරී කිරීම සිදු කරන අතර මෙවැනි ගුණාංග නිසා විටමින් සී යනු වයස්ගත වීම පාලනය කිරීම සඳහා ලබාගත හැකි හොඳම විටමින් වර්ගයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.

විටමින් E

විටමින් ඊ යනු රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා බහුලව භාවිතා කරන ප්‍රතිඔක්සිකාරක පෝෂකයක් වන අතර එය අහිතකර පාරජම්බුල කිරණවලින් සහ හිරු කිරණ වලින් සම ආරක්ෂා කරයි.විශේෂයෙන්ම වියපත් වීමේ ලකුණු ඇති වීම පාලනය කිරීම සඳහා නිෂ්පාදනය කෙරෙන බොහෝ නිෂ්පාදනවල ප්‍රධාන සංඝටකයක් ලෙස විටමින් ඊ යොදා ගන්නවා.

සින්ක්

සින්ක් යනු සෛල ක්‍රියාකාරිත්වය සහ ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය කරන අත්‍යවශ්‍ය ඛනිජයකි.වැඩිහිටි පුද්ගලයන් තුළ සින්ක් අඩුවීම වයසට යාමේ වේගය වැඩිවීම සහ ප්‍රතිශක්තිය අඩු වීමට හේතු වන අතර සින්ක් අඩංගු පෝෂණ අතිරේක ලබා ගැනීම මගින් මෙම තත්ත්වයන් බොහෝ දුරට පාලනය කර ගැනීමට හැකියාව ලැබෙනවා.

ඔමේගා 3 මේද අම්ල

ඔමේගා 3 මේද අම්ල යනු මත්ස්‍ය තෙල් සහ ඇට වර්ගවල ඇති බහු අසංතෘප්ත නේද අම්ල යි.ඒවා සෛල ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාමට බෙහෙවින් උපකාරී වන අතර මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම , හෘද සෞඛ්‍ය වැඩිදියුණු කිරීම , ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය හොඳින් පවත්වාගෙන යාම , මාංශ පේශීන්වල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීම සහ අස්ථි පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා.පර්යේෂණ වලින් පෙන්වා දී ඇති ආකාරයට ඔමේගා 3 මේද අම්ල අතිරේක ලබා ගැනීම මගින් වයස්ගතවීම සම්බන්ධ සෞඛ්‍ය ගැටලු බොහෝ දුරට පාලනය කිරීම සිදු කරනවා.

කොලජන්

කොලජන් යනු ඔබේ සමේ සහ සම්බන්ධක පටල වල ඇති ව්‍යුහාත්මක ප්‍රෝටීනයකි.වයසට යන විට මෙම කොලජන් නිෂ්පාදනය අඩුවෙන අතර එමගින් සම රැළි වැටීම , වියපත් වීමේ ලකුණු මතුවීම සහ සම එල්ලා වැටීම වැනි වයස්ගත වීමේ දෘශ්‍යමාන ලකුණු ඇති වීම සිදු වනවා. කොලජන් අතිරේක ලබා ගැනීම මගින් මෙම ලක්ෂණ ඇතිවීම පාලනය කර සමේ සෞඛ්‍ය සහ පෙනුම වැඩි දියුණු කරනවා.

මෙවැනි අත්‍යවශ්‍ය විටමින් වර්ග ඔබේ ආහාර වලට ඇතුළත් කර ගැනීම සහ පෝෂණ අතිරේකයක් ලෙස ශරීරයට ලබා ගැනීම මගින් වයසට යාමේ ලකුණු ඇති වීම පාලනය කර ගැනීමට ඔබට හැකියාව තියෙනවා ...
උපුටාගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්







Recent Gossip Post





Edex


Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top