ඒ් අනුව 25 වැනි බ්‍රහස්පතින්දා සවස 5.00ට මත්තේගොඩ සුසාන භූම්යේදී ඔහුගේ ආදාහන කටයුතු සිදු කිරීමට නියමිතයි. දේහය මේ වනවිට මත්තේගොඩ, දෙවන පටුමග, අංක 193/55 නිවසේ තැන්පත් කොට තිබෙනවා.
වේදිකාවෙන් රංගනයට අත්පොත් තැබූ නලින් ප්‍රදීප් උඩුවෙල කලාකරුවා ඊයේ දිනයේ බලවත් ලෙස රෝගී වී අසාධ්‍ය තත්ත්වයට පත්ව, අද උදෑසන 5.45 ට පමණ දිවි සැරියෙන් සමුගත්තා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 56 කී.