මේ දිනවල පවතින්නේ රස්නයත් එක්කම ගිගුරුම් සහිත වැසිනේ.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකින්ම අකුණුවලින් සිදුවුණ හානි සම්බන්ධවද වාර්තා වෙද්දී මේ කියන්න යන්නේ හෙට දිනයේදී පවතින කාලගුණ තත්වය ගැන.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුර සහ උතුරු මැද, පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට මෙම තත්ත්වය බලපා හැකි බවයි.
මේ අතර, හෙට ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.