Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
09
"අපි හිතුවේ ඒක විසඳගෙන කොයි වෙලාවක හරි අපේ පුතා ආයෙත් ගෙදර එයි කියලා.." දින 15කට පසු සුසිත් ගැන අහන්න ලැබුණු ආරංචියෙන් කම්පනයට පත් ඥාතීන් ඔහු ගැන කියන කතාව මෙන්න..

- "අපි හිතුවේ ඒක විසඳගෙන කොයි වෙලාවක හරි අපේ පුතා ආයෙත් ගෙදර එයි කියලා.." දින 15කට පසු සුසිත් ගැන අහන්න ලැබුණු ආරංචියෙන් කම්පනයට පත් ඥාතීන් ඔහු ගැන කියන කතාව මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

19,748 Views
සුසිත්ගේ මරණය නිසා අද කම්පා වෙන පිරිස බොහෝමයි..

ඒ වගේමයි මේ මරණය ඇතුළේ මොන තරම් නම් සැඟවුණු කතා ඇතිද..?

ඒත් අද වෙනකොට ඒ කතා දන්නේ ඔහුනොවුන්ම විතරයි.. කොහොම වුණත් නික්ම ගිය සුසිත් නිසා තවමත් ඔහුගේ ඥාතීන් සිටින්නේ දැඩි කම්පනයකින්.. මේ ඒ ගැන ඇහෙන තවත් කතාවක්..


"රටම කලඹමින් දින 15ක් පුවත් මැවූ කුලියාපිටිය, කබලෑව ප්‍රදේශයේ පදිංචිව සිට අතුරුදන්, සුසිත් ජයවංශගේ සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයෙන් සොයාගැනුණු පුවත සමඟින් තවදුරටත් බලාපොරොත්තු දල්වාගෙන සිටි සුසිත් ජයවංශගේ ඥාතීන්, සහෝදරයෝ ඇතුළු පිරිස බලාපොරොත්තු සුන්ව ඉදිරියේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ පවා සිතාගත නොහැකිව හැඬූ කඳුළින් සිටිති.

සිද්ධිය කන වැකුණු මොහොතේ සිට ඒ නිවසට ඥාතීන් මෙන්ම සුසිත්ගේ මිතුරන් ආදී බොහෝ පිරිසක් රැස්ව සිටියහ. ඒ අතර සිටි මියගිය සුසිත් ජයවංශගේ නැන්දණිය වූ රූපා දමයන්ති මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය.

Òපොඩිකාලෙ ඉඳලා මේ දරුවො දෙන්නා තනිවමයි හැදුණේ. අපි මොනතරම් කීවත් අපේ ගෙදරක එන්න කියලා දෙන්නාම ස්වෝත්සාහයෙන්ම හැදී වැඩුණා. අපි නිතර බැලුවා. ඒත් ගෙවල් කුලියට ගනිමින් අයියයි මල්ලියි දෙන්නා හරිම ආදරයෙන් හිටියේ. ඒ දෙන්නා වගේ එකමුතු දෙන්නෙක් මේ ගම්තුලානෙවත් නැතිව ඇති. අපේ සුසී, සජී වගේ නෙවෙයි. පොඩි කාලෙ ඉඳලා දඩබ්බරයි. මොන දේ කළත් මොනවාවත් ගණන් නොගෙන සින්දුවෙන් කල් ගෙවන්න එයා පුරුදු වෙලා හිටියා. අම්මා, තාත්තා නැතිව, හැදුණු දරුවො කොහොමත් දඩබ්බරයි. ඒත් මේ කතාව හිතාගන්නවත් බැහැ. ගෑනු ළමයෙක් එක්ක මොන විදිහේ සම්බන්ධතාවක් තිබුණත් මෙහෙම අවසානයක් අපි අහලා නැහැ. මේ ගැන පුළුල් පරීක්‍ෂණයක් ඕනෑ. මේවා කරපු අයට හොඳක් වෙන්නේ නැහැ.Ó

සුසිත්ගේ බාල සහෝදරයාගේ බිරිය වූ එස්. ශානිකා එරන්දි මහත්මිය පැවසුවේ මෙවැන්නකි.

“සුසිත් අයියා අතුරුදන් වූ මොහොතේ පටන් අපේ නිවසේ කිසිම දෙයක් කළේ නැහැ. හරිහැටි කෑමක්වත් අපට නැහැ. සුසිත් අයියාගෙ මල්ලි මගෙ මහත්තයා. සජිත් පොලිසියෙන් කියන වෙලාවල්වලට යන්න ඕනෑ නිසා රැකියාවට ගියේ නැහැ. අපි හිතුවෙම ගෑනු ළමයකුගෙ සිද්ධියක් නිසා ඒක විසඳගෙන කොයි මොහොතේ හරි අයියා ගෙනත් දාවි කියලා. ඒත් අපට උදේ ආව ආරංචිය සිහිනයක් වගේ. හලාවත පැත්තේ කැලේක තිබිලා අයියාගෙ මිනිය හම්බ වුණා කිව්වම හිතාගන්නත් බැරිවුණා. ඒක ඇහුණු ගමන් අපේ මහත්තයයි අක්කයි ඒ අයියාම ද කියලා අඳුනගන්න කැලේට ගියා පොලිසියත් එක්ක. පස්සෙ අපේ මහත්තයා අයියාගෙ කරාබුවෙන් අඳුනගෙන තිබුණා. අපට දකින්න ලැබුණා අපේ සුසිත් අයියා ගහක් මුල මරලා දාලා තිබුණු හැටි. දෙයියනේ අපටනම් ගෙදර මැරෙන සතෙකුටවත් එහෙම කරන්න බැහැ. අපි කියන්නේ අපට මේකට සාධාරණයක් ඕනෑ. උපරිම දඬුවම් කරන්න ඕනෑ. වෙන දේකට නෙවෙයි. අපට අපේ සුසී අයියා නැති වුණා. මින් ඉදිරියටවත් අපේ රටේ මේවාගේ දේවල් වෙන එක නවතින්න ඕනෑ.”

“ඇත්තටම ඒ කියන සහෝදරියට අපේ සුසී අයියාගෙන් අකටයුත්තක් වෙලා තිබුණානම් නීතියට බාරදෙන්න තිබුණා. එහෙම වුණානම් නීතිය ඉදිරියේ ඔප්පු වෙලා උසාවිය දඬුවමක් නියම කළානම් අපි කවදාවත් මෙහෙම මානසිකව වැටෙන්නේ නැහැ. මෙහෙම නීතිය අතට ගන්න කාටවත් බැහැ.ඒ නිසා ගොඩක් අයගෙ සැකයක් තිබෙන්නේ ඒ කියන සිද්ධියට එහා ගිය මොකක් හෝ වෙනයම් කටයුත්තක් මෙතැන ඇති කියලයි. ඇත්තටම ගොඩාක් දෙනෙකුට ඒ ගැන සැකයි. මේ සම්බන්ධව දේශපාලනඥයෙක් ගැනත් කියවෙනවා. ඇත්තටම අපටත් හිතෙනවා ඒ වගේ හයියක් නොවෙන්න මේ වගේ පුංචි රටක මෙච්චර හරියක් කරන්න සිඟිති වගෙ කෙනෙකුට බැහැ.

අපේ මහත්තයා, සුසී අයියා දෙන්නා හැම වෙලාවෙම හරිම ආදරෙන් සිටියේ. ඒ දෙන්නට දෙන්නා නැතුවම බැහැ. අපේ මහත්තයා මටත් නිතරම කියන්නේ සුසී අයියා කියන්නේ අයියා නොවෙයි තාත්තා කියලා. සුසී අයියාත් නිතරම සින්දු කියමින් හරිම ආදරෙන් සතුටින් ඉන්නේ. වැරදි තිබෙන්න ඇති. ඒත් ඒකට මෙහෙම කරන එක අනුමත කරන්න පුළුවන් කාටද?”

සුසීගේ මරණය ගැන නිවසේ රැස්ව සිටි පිරිස අතර ද ඇත්තේ විවිධ මතය. සුසිත්ගේ අතුරුදන්වීම හා බැඳුණු දේශපාලන හා බලධරයන්ගේ සබඳතා ගැන ඉතා අප්‍රසාදයෙන් තැන තැන කතා කරනු ඇසිණි.

සුසිත්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කරන ආකාරය හා ස්ථානය පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයෙන් පසු අධිකරණයේ උපදෙස් ලැබෙන තෙක් තීරණය කළ නොහැකි බව ද ඥාතීහු පැවසූහ.

මේ වනවිට සුසිත්ගේ මෘත ශරීරය හලාවත රෝහලේ පශ්චාත් මරණ පරීක්ෂණයට තැන්පත් කර ඇති බව කුලියාපිටිය අපරාධ කොට්ඨාසය පවසයි.මේ සිදුවීම් මාලාව පිළිබඳව ඔවුන් සිදුකරන පරීක්‍ෂණ යාවත්කාලීනව සිදු කරගෙන යන බව ඔවුහු පවසති.

මුල සිටම පොලිසිය නොමඟ හැරීමට සැලසුම්සහගතව සියලූ කටයුතු කර ඇති නිසා අදාළ පරීක්‍ෂණ කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වන බව ද විමර්ශකයෝ වැඩිදුරටත් පැවසූහ."



දිනමිණ පුවත්පත ඇසුරෙන්... 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top