මේ කියන්න යන්නේ කිසිවෙකුටත් අදහා ගන්න බැරි කතාවක්..
මවකගේ සහ දියණියගේ බැඳීම කියන්නේ ඇත්තටම වචනයකින් විස්තර කරන්න බැරි හැඟීමක්..
ඔවුන් දෙදෙනාගේ බැඳීමත් ඒ ශක්තිමත්.. උඩුගම, ගොනදෙණිය ප්‍රදේශයේදී මවගේ අත් පා බැද විසිහත් හැවිරිදි වියේ පසුවන ඇයගේ දියණියට පහරදි ඇය බලහත්කාරයෙන් පැහැගෙන යාමේ සිද්ධිය වාර්තා වෙනවා...
කාන්තාව පැහැරගෙන යාමේ සිද්ධියට සම්බන්ද ප්‍රධාන සැකකරු සෙල්ලකතරගම ප්‍රදේශයේ නිවසක මෙකි කාන්තාව සමග සිටියදි අත්අඩංගුවට ගෙන තිබුණා..
ඔහු 58 හැවිරිදිවියේ පසුවන ගල්රොල් රථ රියදුරෙක්... කෙසේ වෙතත් මෙම පැහැරගත් කාන්තාව එක්දරු මවක් වන අතර ඇයගේ නිත්‍යානුකුල සැමියා ඇයගෙන් වෙන්වි ඇති බවයි වාර්තා වෙන්නේ... මොහු සමග පැමිණි අනික් සැකකරුවන් තිදෙනා ගාල්ල කුරුන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගෙන තිබෙනවා..
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ෂණ උඩුගම පොලිසිය විසින් සිදුකරනවා..