මේ දිනවල සමාජ ජාලාවල ඉතාමත් ජනප්‍රිය වුණ ගීතයක් තිබුණා.
ෆේස්බුක් පිටුවක පළ වුණ මේ ගීතය ගැන ගොඩ දෙනෙක් කතා කළා.
මේ ඒ ගැන ඇසෙන පුවත.
අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
එලෙස විකෘති කර ඇත්තේ, ප්‍රවීන ගායන ශීල්පී රෝහණ බැද්දගේ ගායනා කරන අවුරුදු ගීතයක්.
ඒ අනුව සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත විමර්ශනයක් සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
එමෙන්ම, විකෘති කළ ගීතය සමාජ මාධ්‍යයට මුදාහැරි පුද්ගලයින් පිළිබඳව ද සොයාබලා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ද උපදෙස් ලබා දුන් බවයි අමාත්‍යාවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.