දේශපාලකයෝ ඡන්දයක් ලං වෙද්දි ජනතා මනාපය දිනා ගන්න නොකරන දෙයක් නැහැනේ.
ඒ වගේම තමයි ජනතා මනාපය ලබා ගන්නා මුවාවෙන් කරන සමහර දේවල් සමාජයේ දැඩි කතාබහට ලක් වෙනවා.
මේ කියන්න යන්නේ ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කරපු ක්‍රියාවක් ඉන්දියාවේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
භාරතීය ජනතා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Khagen Murmu ඔහුගේ මැතිවරණ ප්‍රචාරක පථයේ වීඩියෝවක් සම්බන්ධයෙන් මතභේදයට තුඩු දී ඇත්තේ ඔහු කාන්තාවක් ඇගේ කම්මුල් මත සිප ගන්නා වීඩියෝවක් නිසයි.
වෛරල් වි ඇති වීඩියෝ ගැන එරට කාන්තාවන් සහ තවත් පිරිස් එය විවේචනයට ලක් කර තිබුණා.
කෙසේ වෙතත්, එම කාන්තාව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකාවකට අදහස් දක්වමින් මෙම සිදුවීම සම්බන්ධව ප්‍රකාශ කර ඇත්තේ එය “ආදරණීය ක්‍රියාවක්” ලෙසටයි.
"මගේ තාත්තාගේ වයසේ කෙනෙක් මට සෙනෙහස පෙන්නලා මගේ කම්මුල්වල හාදුවක් තිබ්බාම මොකක්ද ප්‍රශ්නේ?
ඇයි මිනිස්සුන්ට මේ වගේ ජරා මානසිකත්වයක් තියෙන්නේ? ඒකේ වරදක් වෙන්නේ කොහොමද ?
මෙම මන්ත්‍රීවරයාට සහය පළ කරන පිරිස්ද ප්‍රකාශ කර ඇත්තේ එය පියකු සිය දියණියට දක්වන සෙනෙහසක් ආකාරයේ ක්‍රියාවක් බවටයි.