මේ දවස්වල වැඩිපුර කථා බහ වෙන තවත් චරිතයක් තමයි ‘‘සුරේන්ද්‍ර පෙරේරා’’ කියන්නේ. ඔහුට එල්ල වන චෝදනාව ජෝතිපාල මහත්මයාගේ සින්දු විකුණගෙන කනවා කියන එක. මේ ගැන අපි කෙළින්ම සුරේන්ද්‍රගෙන් ඇහුවා.
ප්‍රශ්නය : - සුරේන්ද්‍ර මොකක්ද මේ චෝදනාව ?
පිළිතුර : - මම එදා ඉදලම ජෝතිපාල මහත්මයාගේ සින්දුවලට ආසයි. මං ඒ සින්දු කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ඉල්ලීම මත. ඔය කියන විදියට ජෝතිපාල මහත්මයා විකුණාගෙන කෑමක් මං කරන්නේ නෑ. මට ජනප්‍රියම සම්මානයක් ලැබුණා. ඒ මගේම ගීතයකට. ඒකෙන්ම ඔප්පු වෙනවා මම එතුමාව විකුණගෙන කන්නේ නෑ කියලා.
ප්‍රශ්නය : - ඔයාට කවුරු හරි කියලා තියෙනවද ඔයා ජෝතිපාල මහත්මයාගේ සින්දුවලට අසාධාරණයක් කරලා තියෙනවා කියලා ?
පිළිතුර : - මට පුද්ගලිකව ඇවිත් කියලා නෑ. එහෙන් මෙහෙන් ඇහිලා තියෙනවා.
ප්‍රශ්නය : - සුරේන්ද්‍ර ඔයාට කවුරු හරි බලපෑමක් කළා ද එතුමගේ ගීත කිව්වොත් ඔයාට සෑහෙන්න ඉස්සරහට යන්න පුළුවන් කියලා.
පිළිතුර : - නෑ. කිසිම බලපෑමක් නෑ. ඒක මගේ කැමැත්ත.
ප්‍රශ්නය : - ජෝතිපාල මහත්මයාගේ සිංදු වැඩිපුර කියන්නේ ඔයාගේ සිංදුවලින් ජනප්‍රිය වෙන්න බැරි නිසා ද?
පිළිතුර : - නෑ. ඒක ඔප්පු වෙලා තියෙනවානේ. මම ජනප්‍රිය සම්මානය ලැබුවේ මගේ ගීතයකට. මගේ ජනප්‍රියත්වය මං ගාව තියෙන්නේ. මට පුළුවන් ඕනම ගීතයක් කියලා ඒ ගීතය ජනප්‍රිය කරන්න.
ප්‍රශ්නය : - වැඩිපුරම කට්ටිය කැමති ඔයා ජෝතිපාල මහත්මයාගේ සින්දු කියනවාට ද? ඔයාගේ සින්දු කියනවාට ද?
පිළිතුර : - එක එක පළාත්වලට අනුව තමයි. සමහරක් තැන්වල අපිට ආදරය කරන අය ඉන්නවා. සමහර තැන්වල අපිට වෛර කරන අය ඉන්නවා. හැම ජාතියෙම අය ඉන්න ඕනිනේ.
ප්‍රශ්නය : - ඒ කියන්නේ ඔයාට වෛර කරන අයත් ඉන්නවා ?
පිළිතුර : - මං හිතන්නේ ගොඩක් ආදරය කරන අය තමයි වැඩි.
ප්‍රශ්නය : - ඔයා වැඩිපුර හම්බ කරලා තියෙන්නේ ජෝතිපාල මහත්මයාගේ සින්දු කියලා නේද?
පිළිතුර : - එහෙම ඉතින් කියන්න බෑ. මං මගේ ගීතත් ගායනා කරනවා. එතුමාගේ ගීතත් ගායනා කරනවා. ඒ හින්දා ඒක හරියටම කියන්න බෑ.
ප්‍රශ්නය : - ඔයාගේ හිතට එකඟව කියන්න. ඔයා වෙන කෙනෙක්ගේ ගීත ගායනා කරන එක හොදද ?
පිළිතුර : - මං විතරක් නෙමෙයි. ගොඩක් අය එහෙම දේවල් කරනවා. සමහරක් අය එතුමගේ ගීත කියලා ඒවා ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒත් ජනතාව මගේ ගීත ඉල්ලනකොට ඒක මට ප්‍රතික්ෂේප කරන්න බෑ.
ප්‍රශ්නය : - ජෝතිපාල මහත්මයාගේ ගීත ඔයාට කලිනුත් කට්ටිය ගායනා කළා. ඔයාට පස්සෙත් ගායනා කරනවා. හැබැයි ජනප්‍රිය වුණේ ඔයා කියපු ඒවා. ඔයා හිතන විදියට ඒ ඇයි?
පිළිතුර : - හැම වේදිකාවකම තරගයක් තියෙනවා. රහට කියන කෙනාගේ සිංදු තමයි ජනප්‍රිය වෙන්නේ. මගෙන් ඒ සිංදුවලට සාධාරණයක් ඉෂ්ට වෙන්න ඇති. ඒකනේ දැන් අවුරුදු 4ක් 5ක් තිස්සේ තවමත් මම ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නේ. ඉතිං ප්‍රේක්ෂකයෝ මගෙන් පුන පුනා ජෝතිපාල මහත්මයාගේ ගීතම ඉල්ලනවා. මං ඒ ඉල්ලීම ඉෂ්ට කරනවා. මං වරදක් කරලා නෑ.
මේ සංවාදය මෙතනින් අහන්න..
මේතියෙන්නෙ සුරේනද්‍ර දැන් ගායනාකරන එකල එච් ආර් ජෝතිපාල ගායනාකළ ජනප්‍රිය ගීතයක්