තීරුබදු රහිත වාහන බලපත්‍ර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මේ බව සඳහන් කළා.
මේ අතර, දණ්ඩනීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහයට සංශෝධන සිදු කරමින් ගෙනඒමට නියමිතව තිබූ පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය ගත් තීරණය පිළිබඳවද අමාත්‍ය රාජිත සේනාරත්න අදහස් පළ කළා.
පුද්ගලයින්ගේ දත්ත සහිත පද්ධතියකින් යුත් විද්‍යුත් ජාතික හැඳුනුම්පතක් ගෙන ඒමට කටයුතු කිරීම පිළිබඳවද එහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් විමසා සිටියා. එහිදී නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්නද පරණවිතාන සඳහන් කළේ පුද්ගල නිදහසට බාධාවන අයුරින් එය සිදුකිරීමට රජය බලාපොරොත්තු නොවන බවයි.