ශාහිඩ් කපුර් කියන්නේ තරුණියන්ගේ සුපිරි සිහින කුමරෙක්. හින්දි සිනමාවේ සුරූපී නිළියන් කිහිප දෙනෙක්ගේම හිටපු පෙම්වතෙක්.
කරීනා කපුර්, ප්‍රියංකා චොප්රා, සොනක්ෂි සිංහා ඔහුගේ නිළි පෙම්වතියන් අතරේ හිටියා. මේ නිළියෝ අමතක කරපු ශාහිඩ් ඊයේ විවාහ වුනා. ඒ තමන්ට වඩා අවුරුදු 13ක් බාල මීරා රාජ්පුට් සමගින්.
මේ වසරේ ජනවාරි මාසෙදි මේ දෙන්නා විවාහ ගිවිසගත්තා කියලා ලොකු කතාවක් පැතිරුණා. ඒ දෙන්නා දෙසැම්බර් මාසේ විවාහ වෙනවා කියලා තමයි කලින් ආරංචි වුනේ. ඒ කට කතා වලට මීරා කිව්වේ තමන් ශාහිඩ් ව හඳුනන නමුත් තමන්ට වඩා අවුරුදු 13ක් වැඩිමල් ඔහු හා විවාහ වීමේ කිසිඳු අදහසක් නෑ කියලයි.
ශාහිඩ් වුනත් දෙන්නගේ සම්බන්ධය ගැන මාධ්‍යට කිසිම දෙයක් කිව්වේ නෑ. කොහොම වුනත් මේ දෙන්නගේ විවාහය ඊයේ සිද්ධ වුනා. මීරා රාජ්පුත් කියන්නේ ශාහිඩ් ගේ පියාගේ යාලුවෙක් ගේ දියණියක්. පවුලේ අය 40 දෙනෙක් පමණක් සහභාගි වෙලා තමයි විවාහය කරලා තියෙන්නේ.