Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
16
"බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා" - ලංකාවෙන් අලුත් මදුරුවෙක් හමුවෙයි - Photos

- "බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා" - ලංකාවෙන් අලුත් මදුරුවෙක් හමුවෙයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
නව මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වනවා.......

අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට හමුවෙලා......

රෝග වාහකයෙකු විය හැකි බවට සැක කෙරෙන නව මදුරු විශේෂයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ.

කියුලෙක්ස් (Culex) ගණයට අයත් 'near inful' ලෙස හඳුන්වන මෙම මදුරුවා [Cx.sp near infula] මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් පළමු වරට සොයා ගැනීමට හැකිවූ බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

ජැපනීස් එන්සෙපලයීටීස් හෙවත් මොළයේ උණ බෝ කරන Culex infula නැමැති මදුරු විශේෂයට බොහෝ සමානකම් දක්වන Cx.sp near infula ලෙස හඳුන්වන නව මදුරු විශේෂය ද වෙනත් ජීවීන්ගේ රුධිරය බොති.

''1998 දී ඉන්දියාවේ කරපු පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා Culex infula මදුරුවා ජැපනීස් එන්සෙපලයීටීස් වාහකයෙක් බව. ඒක නිසා Cx.sp near infula කියන මදුරුවා ශ්‍රී ලංකාවේ ඉන්න බවට කළ සොයා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. මෙයත් බොහෝ දුරට ඉදිරියේ දී රෝග වාහකයෙක් වීමේ සම්භාවිතාවක් තිබෙනවා," යැයි වෛද්‍ය පර්යේෂණ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ කියා සිටියාය.

මෙම සොයාගැනීමත් සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මදුරු විශේෂ සංඛ්‍යාව 154 දක්වා ඉහළ ගොස් තිබේ.

රෝග වාහකයන් විය හැකි මදුරු විශේෂ හඳුනා ගැනීමේ වැඩසටහනක් 2019 වසරේ ඔක්තෝබර් මාසයේ දී මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට අයත් අඹේපුස්ස ප්‍රදේශයෙන් ආරම්භ විය.

එහි දී මදුරුවන් ආකර්ෂණය කර ගැනීම සඳහා උගුල් වර්ග හතරක් යොදා ගැනීමට කටයුතු කර තිබිණි.

1. ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Cattle baited trap

2. මිනිසුන් උගුලක් ලෙස යොදා ගැනීම - Human baited night collection

3. සුනඛයෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Dog baited trap

4. කුරුල්ලෙකු උගුලක් ලෙස යොදා ගැනීම - Bird baited trap

දිවා සහ රාත්‍රි කාලයේ දී අඹේපුස්සේ කරන ලද පරීක්ෂණයේ දී විශේෂ 35කට අයත් මදුරුවන් 2815ක් උගුලට හසු වී තිබේ.

ඒ අතර, මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවූ Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් හය දෙනෙකු ද සොයා ගැනීමට හැකි වී තිබේ.

මෙම නව මදුරු විශේෂය ගැන වේවැල්දෙනිය ප්‍රදේශයෙන් ද මේ වන විට වාර්තා ලැබී ඇත.

වේවැල්දෙනියේ සිදුකරන ලද පර්යේෂණවල දී විශේෂ 29කට අයත් මදුරුවන් 1883 දෙනෙකු අල්ලා ගෙන ඇති අතර ඉන් 13 දෙනෙකු Cx.sp near infula විශේෂයට අයත්ය.
අඹේපුස්ස සහ වේවැල්දෙනිය යන ප්‍රදේශවලින් මේ දක්වා සොයාගත් Cx.sp near infula විශේෂයට අයත් මදුරුවන් 19 දෙනාගෙන් 12 දෙනෙකුම අසු වී තිබුණේ කුකුළෙකු උගුල ලෙස යොදා ගත් අවස්ථාවේ දීය.

එබැවින් නව මදුරු විශේෂය කුරුල්ලන්ගේ රුධිරය උරා බීමට වැඩි කැමැත්තක් දක්වන බව පෙනෙන්නට ඇතැයි සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු පවසති.

නව මදුරු විශේෂය වෙන්කර හඳුනාගැනීමට උපයෝගී වන ප්‍රධාන බාහිර ලක්ෂණ දෙකක් ඇත.

ඉන් එක් ලක්ෂණයක් නම් මදුරුවාගේ පියාපත්වල 'Pepper salt structure' ලෙස හඳුන්වන "ගම්මිරිස් සහ ලුණු කුඩු ඉසින විට දක්නට ලැබෙන ස්වභාවයකි."

අනෙක් ලක්ෂණය වන්නේ එම මදුරුවාගේ පෘෂ්ඨයේ සුදු පැහැති ඊ හිස් වැනි සළකුණු දක්නට ලැබීමය.

මීට අමතරව අන්වීක්ෂයෙන් නිරීක්ෂණය කළ විට පාදවල සහ ශුන්ඩාවේ ද විශේෂ ලක්ෂණ දැකිය හැකිය.

Cx.sp near infula මදුරුවා ප්‍රමාණයෙන් මිලිමීටර 2-3ක් පමණ වන අතර, රාත්‍රි කාලයේදී වැඩි වශයෙන් දෂ්ට කරන බව දැනට සිදු කර ඇති පරීක්ෂණවලින් හඳුනාගෙන තිබේ.

මෙම මදුරු විශේෂය පළමු වරට වාර්තාවී ඇත්තේ 1966 වසරේ මධ්‍යම අප්‍රිකාවට අයත් ඇන්ගෝලා රාජ්‍යයෙනි. පසුව තායිලන්තයෙන් සහ ඉන්දියාවෙන් ද වාර්තා වී ඇත.

මදුරුවන් මගින් ශ්‍රී ලංකාවේ වසංගත තත්වයට පත්ව ඇති ප්‍රධාන රෝගය ඩෙංගු රෝගයයි.

2019 වසරේ දී ශ්‍රී ලංකාවෙන් ඩෙංගු රෝගීන් 103,362ක් වාර්තා වූ බව සෞඛ්‍ය අමාත්‍යංශයේ, වසංගත රෝග විද්‍යා අංශයේ වෙබ් අඩවියේ දැක්වේ. (2018 වසරේ වාර්තා වුයේ ඩෙංගු රෝගීන් 51,659ක් පමණි).

ඊට අමතරව මැලේරියාව, බරවා, ජැපනීස් එන්සෙපලයීටීස් සහ චිකන් ගුන්යා යන රෝග බෝ කරන වාහකයන් වන්නේද මදුරුවන්ය.

කියුලෙක්ස් (Culex) ඝනයට අයත් මදුරු විශේෂ පහක් ජැපනීස් එන්සෙපලයීටීස් රෝග වාහකයෙකු ලෙසද තවත් විශේෂයක් නාගරික බරවා රෝගය ඇති කිරීමට ද හේතු වේ.

එබැවින් එම ගණයටම අයත් නව විශේෂය ගැන ද වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සහ කීට විද්‍යා අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සාගරිකා සමරසිංහ යන අයගේ උපදෙස් මත වැඩිදුර පර්යේෂණ සිදු කෙරේ.

පී රණසිංහ, ගයාන් කුමාරසිංහ, නලීන් ජයසිංහ, ප්‍රමිත රංගන එච් එම් සෝමසිරි, වෛද්‍ය පුෂ්පිකා සමරකෝන් සහ වෛද්‍ය හරේන්ද්‍ර මල්ලවාරච්චි යන සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීහු මෙම පර්යේෂණ කණ්ඩායමට ඇතුළත් වෙති.

ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ නව මදුරු විශේෂය ගැන විදේශ රටවල ද සහය ඇතිව වැඩිදුර පරීක්ෂණ සිදු කරන බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

"BBC සිංහල"

Cx.sp near infula මදුරුවා




ගවයෙකු උගුලක් ලෙස යොදා ගැනීම









Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top