Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

May
10
පරීක්ෂණ පැවැත්වෙද්දි වැල්ලම්පිටිය තඹ කම්හලෙන් භාණ්ඩ පිටතට රැගෙන ගිහින්? - Video

- පරීක්ෂණ පැවැත්වෙද්දි වැල්ලම්පිටිය තඹ කම්හලෙන් භාණ්ඩ පිටතට රැගෙන ගිහින්? - VideoHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

11,287 Views
කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්තශාලාවේ තිබූ ද්‍රව්‍ය තොගයක් කිසියම් පිරිසක් විසින් අනවසරයෙන් ඉවත්කරගෙන ගොස් ඇති බවට ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුව චෝදනා කරනවා.
 
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.
 
පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්ෂාෆ් අහමඩ් නමැත්තාට අයත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තඹ කර්මාන්ත ශාලාව ඉන් පසුදින වැල්ලම්පිටිය පොලිසිය විශේෂ පරීක්ෂාවකට ලක්කළා.

ඒ, පිපිරීම්වලට යොදාගැණුනු බෝම්බ එහි නිපදවා ඇති බවට වූ සැකයක් මතයි.
 
පසුව මෙම කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වූ අතර, ඊට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමටද කටුයුතු කළා.
 
කෙසේ වෙතත්, ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක කමිටුව චෝදනා කරන්නේ අදාළ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතිද්දී පසුගිය පළමුවැනිදා කිසියම් පිරිසක් විසින් එහි තිබූ යම් ද්‍රව්‍ය තොගයක් බහාලුම් රථ දෙකක් යොදාගනිමින් ඉවත් කර ගැනීමට කටයුතු කර ඇති බවයි.
 
මේ අතර, අදාළ තඹ කර්මාන්තශාලාවේ සිදුකළ පරීක්ෂාව අතරතුර අත්අඩංගුවට ගත් එහි කළමණාකරු ඇතුළු සැකකරුවන් 9 දෙනා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 6 වැනිදා ඇප මත මුදාහැරියා.
 
එසේ ඇප ලබාදීමේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින්ගෙන් දෝෂයක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහා මේවන විට විශේෂ පොලිස් පරීක්ෂණයක්ද ක්‍රියාත්මකයි.
 
අත්අඩංගුවට ගත් සැකකරුවන්ට ඇප ලබාදීම සහ තඹ කර්මාන්තශාලාවේ වූ ද්‍රව්‍යයන් ඉන් ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් අද විවිධ අදහස් පළ වුණා.
 
මේ අතර, තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 9 දෙනාට ඇප හිමිවීම සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ද අදහස් පළ කළා.


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Hitha Mula Karala - Viraj Perera
Hitha Mula Karala
Viraj Perera
⤵  5,560 Downloads

Maimen Eha - Manthra
Maimen Eha
Manthra
⤵  242 Downloads

Adara Nathu - Mahesh Madhusanka
Adara Nathu
Mahesh Madhusanka
⤵  8,957 Downloads

Nube Wela Man - Sanjeewa Jayasekara
Nube Wela Man
Sanjeewa Jayasekara
⤵  3,072 Downloads

Kandulakwa - Keerthi Pasqual
Kandulakwa
Keerthi Pasqual
⤵  2,310 Downloads

Hiru Surya Mangalye - Hiru Star
Hiru Surya Mangalye
Hiru Star
⤵  6,797 Downloads

Husmak Tharamata - Sajan Poogala Arachchi
Husmak Tharamata
Sajan Poogala Arachchi
⤵  49,686 Downloads

Mayamkari - Udaya Shree
Mayamkari
Udaya Shree
⤵  20,037 Downloads

Radhawani - Supun Perera
Radhawani
Supun Perera
⤵  11,108 Downloads

Thaththe Oba Koheda - Thushi Thushara
Thaththe Oba Koheda
Thushi Thushara
⤵  5,618 Downloads



Top 10 Commenters

Latest Comments

Top