සතිඅග පුවත්පත්වල පළවන දැන්වීම් වල දුරකතන අංක වලට අමතා මෙහෙකාරියක ලෙස නිවෙස්වලට ගොස් එම නිවෙස්වලින් රන්, මුදල් හා දේපොළ සොරා ගන්නා කාන්තාවක් බොරලැස්ගමුව රත්තනපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව ‘‘මතුගම සුන්දරී“ නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන තැනැත්තියක් වන අතර ඇගේ දුරකතන විශ්ලේෂන වාර්තා ඔස්සේ කළ පරීක්ෂණවලින් අනතුරුව ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණා.
මෙම කාන්තාව නිවස පිරිසිදුකරන මුවාවෙන් අල්මාරිවලින් ඉතා සූක්ෂමව රන් හා මුදල් ගෙන තිබූ අනාවරණ වී තිබෙනවා.
පසුව තම දියණිය වැඩිවියට පත්ව ඇති බවට දැනගන්නට ලැබුණු බැවින් නිවසට ගොස් ඒමට අවසර ලබා දෙන ලෙස නිවෙස් හිමියන්ගෙන් ඉල්ලා ඇති බවත්, අනතුරුව නිවෙස් හිමියන් ලබා දෙන මුදල්ද රැගෙන සැකකාරිය පිටවී ඇති බවත් පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත් සැකකාරිය දිවයිනේ විවිධ පළාත්වල නිවෙස්වල මෙහෙකාර සේවයට ගොස් ඒ අයුරින් වංචාවන් රැසක් සිදුකර ඇති බවත් දැනගන්නට ලැබෙනවා.
සොරාගත් රන් භාණ්ඩ හෙට්ටිවීදිය ප්‍රදේශයට ගොස් රන් වෙළෙන්දෙකුට ලබා දුන් බවට සැකකාරිය කළ ප්‍රකාශයකට අනුව එම පුද්ගලයාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.