Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Aug
18
තම පරපුර වෙනුවෙන් සටන් කර දිවි දුන් පනාමුරේ ඇත් රාජාගේ ආත්මයේ ශාපය ප්‍රැන්සිස් මොලමුරේට වැදුනාද?

- තම පරපුර වෙනුවෙන් සටන් කර දිවි දුන් පනාමුරේ ඇත් රාජාගේ ආත්මයේ ශාපය ප්‍රැන්සිස් මොලමුරේට වැදුනාද?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

20 Views
පනාමුරේ ඇත් රජා ගැන කතා  අපි ඕනෑ තරම් අහලා තියෙනවා.මේ ලිපියත් අන්න ඒ කතාව සම්බන්ධයෙන්...

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ «පනාමුර» යනු මඩුවන්වෙල වලව්වේ පුද්ගලික දේපලක් ලෙස සලකා ඇති අතර කතරගම දේවාලයේ මුර භටයන් 50 ක් මුරට සිටි බැවින් පනහමුර ලෙස භාවිතා වී පසුව එය පනාමුර ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයේ පවතී.

අක්කර 7000 කින් පමණ සමන්විත වූ පනාමුර නින්දගම එවකට උඩරට පාලනය කල ‘ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු’ විසින් සන්නසක් මගින් මඩුවන්වෙල මොහොට්ටාලට ප්‍රදානය කරන ලද්දකි.

විජයසුන්දර ඒකනායක අභයකෝන් කොඩිතුවක්කු මුදියන්සේලාගේ ශ්‍රීමත් ජේමිස් විලියම් මඩුවන්වෙල මහ දිසාව මෙම පරපුරේ අවසානයා විය.

ඔහු විසින් මෙම පනාමුර ප්‍රදේශයේ ඇත් ගාල් 20 ක් පමණ කරවූ බව පැවසේ.

මඩුවන්වෙල දිසාවේගේ ඇවෑමෙන් බුදලය හිමිවුයේ එතුමාගේ සොහොයුරෙකුගේ පුතෙකු වු ව්‍යවස්ථාදායක සභාවේ හා ප්‍රථම පාර්ලිමේන්තුවේ කතානායක “නවරත්න වික්‍රමසිංහ වේහැල්ල මුදියන්සේලාගේ ප්‍රැන්සිස් මොලමුරේ” මහතාටය.

ඔහු විසින්ද ඇත්ගාල් 5ක් බන්දවා ඇති අතර මේ අනුවේදනීය කතාවට පාදක වූයේ මේ ශ්‍රී ලංකා ඉතිහාසයේ අවසාන ඇත්ගාලයි.

මෙම ඛේදවාචකය සිදු වූයේ 1950 අගෝස්තු මස 9 වනදාය.

අඩි දහයක් දොලහක් උසට දැව කදන් වලින් ශක්තිමත්ව සෑදුණු ඇත්ගාලේ වැට අලි ඇතුන්ට අවසන් වතාවට සුපුරුදු මංකඩින් දිය කඩිත්තට පැමිණීම සදහා විවර කල දොරක්ද සහිතව ඉදිකර තිබුණි.

අලි ඇල්ලීම නැරඹීම සඳහා ලී වලින් සකසන ලද පත්තිරිප්පුවක් සහිත සොල්දර නිවසක්ද ඊට යාබදව ඉදි කර තිබුණේ රෝමයේ සිංහයන් සමග පොර බදින මල්ලවපොර ශූරයන්ගේ සටන් නැරඹූ කොලොස්සි සිහි ගන්වමිනි.

එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස සිටි සෝල්බරි සාමි, හමුදාපති රෝස්, දොස්තර ස්පිටල් ආදී ප්‍රභූන් පිරිසක්ද මෙම සොල්දර නිවසේ පත්තිරිප්පුවේ අසුන්ගෙන සිටියහ.

අලි රංචුව වට කල භූමියට පැමිණි පසු දොර වසා වැට අසල ගිණිමැල දල්වන්නේ කලබල වූ අලින් වැටට පහරදීම වලකාලීමටය.

එතැන් සිට ඇත්ගාලේ කටයුතු ආරම්භ විය.

අලි රංචුව සූක්ෂමව ඇත් ගාල තුළට ගැනීමට “පනිත්තිලයන්” ලෙස හඳුන්වන අලි අල්ලන්නන් සමත්විය.

රෑන ඇත්ගාල තුලට ඇතුළු වී කෙටි දුරක් යන විටම කුඩා අලි පැටවුන් දෙදෙනකු බිය වී කෑගසන්නට විය. එකෙනෙහිම ඇතින්නියක කිපී ප්‍රචණ්ඩව හැසිරෙන්නට වූයේය.

අලි රංචුවම බැද දමා හමාරය. දමන රැහැන් බිඳ දමමින් ගාල තුල කලබල කරන අලියෙකු නිසා ගාලේ සියලු කටයුතු අඩපන විය. සියලු අලින් බැඳ දැමූවද මෙම කෙනරව අල්ලා ගැනීමට නොහැකි විය.

ඇය මෙල්ල කිරීමට හීලෑ ඇතුන් 14 දෙනෙක් යොදවීමට සිදුවූයේ ඉන් පසුවය..

මෙහි සද්ධන්තම හස්තියා වන ‘අලිගම්මනයා’ මෙම කෙනර සමඟ සටනට ආවේය.

ඉදිරියට පැන පොඩි වෙට්ටුවක් දමා එක් පා පහරක් දුන් සැනින් එම ඇතාගේ පස්ස ගාතය බිම ඇනී මර හඬ දීගෙන ඇද වැටුනි.

ඉතුරු ඇතුන් කිහිප දෙනෙකුටද පහර දුන් ඇතින්න, තම සටන් සගයින් එකිනෙකා බිම වැටුණු දුටු ඉතිරි අලින් හිස් ලූ ලූ අත දුවන්නට වූයේ පන බේරා ගැනීමට දුවනවා හැර වෙනත් විකල්පයක් නොතිබූ නිසාය.

බටහිර චිත්‍රපටයක ත්‍රාසජනක ජවනිකාවක් නරඹන්නක් මෙන් මොලමුරේ මහතා ඇතුළුව සියලු දෙනා බලා සිටියේ මහත් පුදුමයෙනි.

රංචුවේ සිටි ඇතුන් 26 දෙනෙක් ගස් බැඳ දැමුවද මෙම කෙනරව අල්ලා ගැනීමට ගත් සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ තැන ගාලේ දොර හරින්නේ මේ කරදරකාරයාට කැලයට හෝ පලායාමටය.

ගේට්ටුව ඇර දමා තිබූ වැට ළඟට විත් නැවත හැරී බලා, තම රැහේ සගයන් හැරදමා පලා යාම නිවට කමක් සේ සිතූ මෙම ගාම්භීර කෙනර නැවතත් හැරී තම ගස් බැද ඇති සගයන් වෙතට ගොස් ඔවුන් නිදහස් කර ගැනීම උදෙසා ක්‍රියා කරන්නට විය.

මඩුවන්වෙල පුංචි රාළ සහ සෑම් ඇලපාත යන ප්‍රභූන්, නායක අලියා මෙල්ල කරගන්නට මන්තර සහ වික්‍රම පාන්නට ගිය මුත් තව ටිකෙන් ඔවුන්ටද සිදු වන්නේ ජීවිතයෙන්ම වන්දි ගෙවීමටය.

මෙම සිද්ධිය ඇසින් දුටු එදා කුඩා කොලු ගැටයෙකුව සිටි සිංගප්පුලි ලියනගේ අප්පුහාමි මහතා සිළුමිණ පුවත් පතට කළ සාකච්ඡාවකදී (24/08/2014 පිටුව 10) පවසා සිටියේ “මට මතක විදිහට අන්තිම දවස් හතර වෙනකොට ඌ කෑම ගැනීමත් ප්‍රතික්ෂේප කළා” යනුවෙනි.

අවසානයේදී මොලමුරේ විසින් ගන්නා තීරණය මේ බුදුන් වැඩි රටේ මනුෂත්වයක් ලැබුවකුට ගත හැක්කේ කෙසේදැයි අදටත් අපට සිතා ගැනීම ගැටලුවකි.

ඔහුගේ තීන්දුව වූයේ මෙම කෙනර වෙඩි තබා ඝාතනය කර ඉතිරි අලින්ගේ සන්තකය තහවුරු කර ගැනීමයි.

ඒ අනුව පළමුව කැඳවීම ලැබුණේ රත්නපුර පොලිසියේ පොලිස් නිලධාරීන් 6 දෙනෙකුටය.

ඔවුන් කියාසිටියේ හස්තියා බිම දැමීමට නම් වෙඩි උණ්ඩ හයක් අවශ්‍ය බවයි.

එහෙත් එයට විරුද්ධ වූ මොලමුරේ දැඩි කෝපයෙන් “පලයව් මගේ දෑහෙට නොපෙනි” යයි බැණ වැදී ඔවුන් පන්නා දැමුවේය.

මක්නිසාද ඔහුගේ අදහස වූයේ හස්තියා එක් වෙඩි උණ්ඩයකින් බිම හෙළිය යුතු බවයි.

දෙවනුව කැඳවීම ලබන්නේ අප රටේ කීර්තිමත් දේශපාලනඥයෙකු වූ ත්‍රස්තවාදී වෙඩි පහරින් මිය ගිය ලක්ෂමන් කදිරගාමර් මහතාගේ සොහොයුරු වූ නාවික හමුදා කොමදෝරු අධිනීතීඥ ‘සෑම් කදිරගාමර්’ මහතාටය.

ඔහු නාවික හමුදාවේ දක්ශ වෙඩික්කරුවෙකි.

මොලමුරේගෙන් ලැබුණු අණ පරිදි වහා එහි ගිය ඔහු, අලි වැට අසල නැවතුණේ තම නයකයගෙන් අණ ලැබෙන තෙක්ය.

මොලමුරේ මහතා අතින් සංඥා කිරීමෙන් පසුව ගේට්ටුවෙන් ඇතුළු විය.

ගේට්ටුව අරුණ හඬ ඇසුණු හස්තියා දූවිලි අවුස්සමින් කදිරගාමර් මහතා දෙසට දුව ආවේය.

දකුණු කකුල ඇන තබා නමා රයිෆලය උරපත්තට ගෙන ඉලක්කය ගෙන කොකා ගැස්සූවේය.

ඔහුට ඉලක්කය වැරදුනේ නැත.

එම උණ්ඩය වම් ඇසට ඉහළින් නළල පසාරු කරගෙන ගොස් තිබුණි.

කෙසෙල් කඳක් කපා දාන්නාක් මෙන් කෙනර බිම ඇද වැටුනි.

තම පරපුරේ නිදහස වෙනුවෙන් සටන් කළ හස්ති වීරවරියක, අඩවන් වු දෙනෙතින් කදිරගාමර් මහතා දෙස බලා එක් සුසුමක් පමණක් හෙළා මෙලොවින් සමුගත්තේය.

එහෙත් ඒ “සුසුම” චණ්ඩ මාරුතයක් වී මේ ලක් දෙරණ කළඹාවි යැයි කදිරගාමර් මහතා හෝ කිසිවෙකු කිසි දින නොසිතන්නට ඇත.

එක් අමානුෂිකයෙකු නිසා එතෙක් ලොව පුරා අවිහිංසාවාදින් ලෙස ප්‍රචලිත වු “ශ්‍රී” නාමයට කැලලක් එක් වූයේ එලෙසිනි.

එහෙත් සියුළු ප්‍රශ්න අවසාන යයි සිතූ මොලමුරේ මහතාට වෙනත් ප්‍රශ්න පටන් ගත්තේ එතැන් සිටය.

මෙම සිද්ධියෙන් පසු එය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වනවාත් සමඟ මොලමුරේට විරුද්ධව ශ්‍රී ලංකාව පුරාම විශාල ජනමතයක් ගොඩ නැගෙන්නට විය.

ගින්නට පිදුරු දමන්නාක්සේ FB වැනි සමාජ මාධ්‍ය නොතිබූ එකල එහි අතුරු කාර්යක් ඉෂ්ට කරන ලද්දේ කවිකොළ කරුවන් විසිනි.

එදවස කවි කොළ විකුණා ලැබූ ආදායමෙන් ඔවුන්ගේද හොද්ද බොර වූ බව මෙම අවස්ථාවේ නොකියාම බැරිය.

එන්.එම්. පෙරේරා ප්‍රමුඛ සම සමාජ පක්ෂය උද්ඝෝෂණයක් සංවිධානය කරමින් වන සත්ව හා වෘක්ෂලතා පනත මහත් සේ උල්ලංගනය කළ මොලමුරේගේ මේ ක්‍රියාකලාපය මහත් සේ විවේචනය කළේය.

එම උද්ඝෝෂණයට මෙම ගීතය ගායනා කළ මළලසේකර මහතාද ඇතුළත් විය.

එය කොපමණ තීව්‍රවීද යත් පාර්ලිමේන්තුව දක්වා ගොස් පාර්ලිමේන්තු පනතක් මගින් සියලු ඇත්ගාල් ශ්‍රී ලංකාව තුළ තහනම් කරමින් ශ්‍රී ලංකා රජය විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.

ඉන් පසුව මොලමුරේ මහතාටද ජීවත් වීමට වැඩි ආයුෂ නොවීය.

1951 ජනවාරි 21 වන දින ඔහු කතානායක පුටුවේදීම සිහිසුන්ව සිට රෝහල්ගත කිරීමෙන් පසුව හෘදයාබාධයකින් මියගිය බව අනාවරණය විය.

එතුමා මියගොස් සිටියේ එම හස්තියා මියගොස් සිටි ආකාරයටම බව ඇතැමුන් ප්‍රකාශ කළේය.

(ඒ අනුව හස්තියාගේ අවතාරය මොලමුරේ මහතා සොයා විත් තිබුණි.

වෙඩි උණ්ඩයේ අවතාරය පසුව ලක්ෂ්මන් කදිරාමර් මහතා සොයා ආවා වන්නට ඇත.)

සෑම් කදිරගාමර් මහතාද තම නිවසේ ඇති රයිෆලය දකින වාරයක් වාරයක් පාසා අධික දුකකින් පෙළුණු බව ඔහුගේ බිරිඳ මාධ්‍යයවේදියෙකු හමුවේ පවසා තිබුණි.

එහෙයින් ඔහුද තම රයිෆලය නිකන් දුන්නා සේ අඩු මුදලකට විකුණා විකුණා දමා ඇත.

පසුව මලලසේකර මහතා ගීතයක් සැකසීමට අදහස් කළේ පනාමුරයේ ඇත් ගාලට ගොස් ඇතිවූ කම්පාවෙන් බව කියනු ලැබේ.

ඉදින් සැබෑ විමුක්තිය යනු කුමක්ද..? දහසක් බිලි වී එකෙකු ගැලවීමද, නැතහොත් එකෙකු බිළිවී දහසක් ගැලවීම ලැබීමද..? එය පසක් කර දුන් තිරිසනෙකු වේ නම් ඒ පනාමුරේ ඇත් රාජාම පමණි.
(උපුටා ගැනීමකි)
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top