පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ හිටපු නිවේදකයා වූ ඔහු
අනතුරුව ප්‍රසංග වේදිකාවට නැතුව ම බැරි චරිතයක් බවට පත්වුණා.
ඉඳුනිල්ගේ ආදරණීය බිරිඳ පිළිකා රෝගයෙන් පීඩා
විඳි කතාවත් කාටවත් රහසක් නෙවෙයි.
මේ මෑතක ඒ ගැන ඉඳුනිල් සහ බිරිඳ යූටියුබ් නාලිකාවකට කියූ කතාවක්..
"මට පිළිකාවක් හැදුන නිසා අපි බයෙ හිටියේ දරුවෙක් හදන්න. හම්බෙන්නෙ දුවෙක් වුණත් පුතෙක් වුණත් එයාගේ ඇඟිලි පහ තියෙනවද අතේ... ඇස් පේනවද... කන් ඇහෙනවද... කියන බය තිබ්බා.. ලොකු ප්‍රශ්න ගොඩක් අස්සෙ අපි ජීවත් වුණේ. ඒ හැමදේම මැද්දෙ දුව එන්නෙ.." (ඉඳුනිල්)
"මට ලියුකේමියාව ආවේ ෆැමිලි එකෙනේවත් කාගෙන්වත් නෙවේ. මට හිතුණා මම මැරෙනව කියල. මම බැක් ටු නෝමල් වුණ එක සමහර ඩොක්ටර්ස්ලාට හිතාගන්න බැරිවුණා. ට්‍රීට්මන්ට් නිසා මමත් කලු වුණා කැත වුණා. හැබැයි මම සතුටින් හිටියා ඒ කාලේ. අපි නොදැනුවත්ව කැන්සර් හැදිලා විඳවන අය ඉන්නවා. මේ කැන්සර් කියන්නෙ විටමීන් ඌණතාවක් ඒක හොඳ කරගන්න හොඳ මානසිකත්වයක් තියෙන්න ඕනි.."
"කැන්සර් හැදෙන හැමෝම මැරෙන් නෑ. මම ඒ කාලේ අනුකම්පාව ගත්තෙ නෑ. අවශ්‍ය ප්‍රතිකාර ගත්තම බැක් ටු නෝමල් වෙනවා. මම ඩේලි ඔෆිස් ගියා ඒ කාලේ. ෆැශන් කළා. ට්‍රිප් ගියා. එච්චරයි.."