ඕස්ට්‍රේලියාවේ උපත ලද ලෝක මාධ්‍ය අධිපතිවරයෙක් වන රූපට් මර්ඩොක් ( Rupert Murdoch ) යළි විවාහවීමට සැරසෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා. 92 හැවිරිදි වියෙහි පසුවන ඔහු මෙලෙස යළි විවාහවීමට තීරණය කර ඇත්තේ පස්වන වරටයි.
ඔහුගේ අත ගැනීමට සැරසෙන ඇය 66 හැවිරිදි ඈන් ස්මිත් ( Ann Lesley Smith ).
ඇය අමෙරිකාවේ හිටපු පොලිස් නිලධාරිනියක බවයි සඳහන් වන්නේ.
ඔවුන් දෙදෙනා සැප්තැම්බර් මාසයේදී කැලිෆෝනියාවේ පැවති උත්සවයකදීයි හමුවී ඇත්තේ.
ඔහු තමන්ගේම ප්‍රකාශනයක් වන නිව්යෝර්ක් පෝස්ට් ( New York Post ) වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ,
තමන් ආදරයෙන් බැඳීමට බිය වූ බවත් නමුත් මෙය තමන්ගේ අවසාන අවස්ථාව වනු ඇතැයි දැන සිටි බවත් ය. එය එසේ වීම වඩා හොඳ බැවින් තමන් ඒ පිළිබඳව සතුටු වන බවයි වැඩිදුරටත් පවසා ඇත්තේ.
"I dreaded falling in love - but I knew this would be my last. It better be. I'm happy."
ඔහු පසුගිය වසරේ ඔහුගේ සිව්වන බිරිඳ වූ ජෙරී හෝල්ගෙන් ( Jerry Hall ) වෙන් විය.
St Patrick's දිනයේදීයි මර්ඩොක් විසින් ස්මිත් හට විවාහවීමට යෝජනා කර ඇත්තේ.
විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට ස්මිත්ගේ සැමියා මියගොස් ඇති අතර ඔහු ගායකයෙකු, ගුවන් විදුලි හා රූපවාහිනී විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ අයෙකි. ඔහු නමින් චෙස්ටර් ස්මිත් ( Chester Smith ) වන බව සඳහන් වෙනවා.
"For us both it's a gift from God. We met last September," යනුවෙන් දෙදෙනාගේ හමුවීම ගැන නිව්යෝර්ක් පෝස්ට් වෙත අදහස් දක්වමින් ස්මිත් පවසනවා.
තමන් අවුරුදු 14ක වැන්දඹුවක් බවත් රූපට් මෙන්ම ඇගේ හිටපු සැමියාත් ව්‍යාපාරිකයෙක් බවත් ඇය තවදුරටත් පවසා තිබෙනවා.
දෙදෙනාගේ විවාහ උත්සවය ගිම්හානයේ අග භාගයේදී සිදුවනු ඇති අතර යුවළ කැලිෆෝනියා, මොන්ටානා, නිව් යෝර්ක් සහ එක්සත් රාජධානිය අතර කාලය ගත කරනු ඇති බවයි විදෙස් මාධ්‍යය සඳහන් කරන්නේ.
ජෙරී හෝල්ගෙන් දික්කසාද වූ රූපට් ඊට පෙර ඔස්ට්‍රේලියානු ගුවන් සේවිකාවක වූ පැට්‍රීෂියා බුකර්, ස්කොට්ලන්ත මාධ්‍යවේදිනී ඇනා මාන් සහ චීන සම්භවයක් සහිත අමෙරිකානු ජාතික වෙන්ඩි ඩෙන් සමඟ විවාහ වී සිටියා.