“දහසක් සිතුවිලි”, “හාර ලක්ෂය”, “වැලි කතර” වැනි සිනමා පටවල අමතක නොවන චරිත නිරූපණය කළ, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම, සිය දිවි ගමන නිම කරයි..
- “දහසක් සිතුවිලි”, “හාර ලක්ෂය”, “වැලි කතර” වැනි සිනමා පටවල අමතක නොවන චරිත නිරූපණය කළ, ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම, සිය දිවි ගමන නිම කරයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka
ප්‍රවීණ රංගන ශිල්පී බුද්ධි වික්‍රම අභවප්‍රාප්ත වී තිබෙන බව පවුලේ ආරංචි මාර්ග පවසනවා.
හෝමාගම රෝහලේ දී අභාවප්‍රාප්ත වූ ඔහු, මිය යන විට 83 වැනි වියෙහි පසු වුණා.
ශ්‍රී ලාංකික සිනමාවේ සහ නාට්‍ය කලාවේ දැවැන්ත රංගන ශිල්පියෙකු වූ බුද්ධි වික්‍රම හෙවත් බුද්ධිසේන දයාරත්න වික්‍රම මහතා, 1939 වසරේ ජනවාරි මස 19 වනදා ගාල්ල, හීනටිගලදී උපත ලබා තිබෙනවා.
ඔහු, සාමා, දහසක් සිතුවිලි, හාර ලක්ෂය, වැලි කතර, රෝමියෝ ජුලියට් ආදී චිත්‍රපට රැසක රංගනයෙන් දායක වී ඇති අතර, තාරාදේවි, දූ දරුවෝ, සුසීමා, පළිඟු මැණිකේ, අඹ යහළුවෝ වැනි ටෙලි චිත්‍රපට රැසක ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වී තිබෙනවා.
බුද්ධි වික්‍රම මහතා, රංගන ශිල්පියෙකු බවට පත් වීමට පෙර, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ 'නිර්මාණ ශිල්පියෙකු' ලෙස සේවය කරනු ලැබුවා.