Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
Jan
04
කොළඹ පරදා ගමට දිනුම අරන් ගිය උසස්පෙළ විශිෂ්ටයින් ජයග්‍රහණය ගැන හිතේ තියන දේ රටට කියපු හැටි - වීඩියෝ

- කොළඹ පරදා ගමට දිනුම අරන් ගිය උසස්පෙළ විශිෂ්ටයින් ජයග්‍රහණය ගැන හිතේ තියන දේ රටට කියපු හැටි - වීඩියෝHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

9 Views
‘‘ඉන්ටර්නෙට් එකේ ප්‍රතිඵල දැක්කම ස්ක්‍රීන් එක දිහා පුදුමෙන් වගේ බලන් හිටියා,
උගන්වපු ගුරුවරු හැමෝටම ස්තූතියි‘‘

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (02) නිකුත් කෙරුණා. මෙවර විෂය ධාරාවන් 7 ක් යටතේ සිසුන් මෙම විභාගයට පෙනී සිටි අතර, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය සහ පොදු විෂය ධාරා අලුතින් හඳුන්වාදී තිබුණා.

නිකුත් කෙරුණු ප්‍රතිඵලවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථමස්ථාන දෙකක් වාර්තා වීමත් කැපී පෙනෙන කරුණක්.  2015 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් දෙලක්ෂ 55191 දෙනෙකු පෙනී සිටියා.

ජෛවීය විද්‍යා විෂයධාරාව යටතේ විභාගයට පෙනී සිටි සිසුන් 46,581 දෙනෙක් අතුරින් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තෙපුලි උමේෂා කරුණාවල්ලභ ශිෂ්‍යාවයි.

ඇය පවසා සිටියේ තමන් නොසිතූ ජයග්‍රහණයක් හිමි වූ බවයි. අන්තර්ජාලයෙන් ප්‍රතිඵල බැලූ අවස්ථාවේ පරිගණක තිරයේ දිස්වූ ප්‍රතිඵලය විශ්වාස කළ නොහැකිව ඒ දෙස මඳවෙලාවක් බලා සිටි බවයි.

එමෙන්ම දෙමළ මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි පුත්තලම ජනාධිපති විද්‍යා විද්‍යාලයේ මොහොමඩ් මුන්සීෆ් එම අංශයේ දෙවන ස්ථානය හිමිකරගත්තා. කොළඹ විශාඛා විද්‍යාලයේ  යසස්වි වත්සලා සිරිවර්ධන ජෛවීය විද්‍යා විෂය ධාරාවේ තෙවන ස්ථානයට පත්වුණා.

කොළඹ රාජකීය විද්‍යාලයේ දසුන් ඕෂධ ජයසිංහ, භෞතීය විද්‍යා විෂය ධාරාව යටතේ පෙනී සිටි සිසුන් 32,393  අතරින් දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගත්තා.එම අංශයේ දෙවන ස්ථානය හිමිවණේ කුරුණෑගල - මලියදේව පිරිමි විදුහලේ නදීෂාන් ධනංජය කුමාර දිසානායකටයි. රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සචිත් නිල්මන්ත කස්තුරිආරච්චි භෞතීය විද්‍යා විෂය ධාරාවේ දිවයිනේ තෙවන ස්ථානයට  පත්වුණා.  

වානිජ විෂය ධාරාව යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටි සිසුන් සංඛ්‍යාව 60178 ක්. ඒ අතරින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට සමත්වුණේ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයේ අකිල් මොහොමඩ් ශිෂ්‍යායි.

ඔහු පවසා සිටියේ තමන් මෙවැනි ප්‍රතිඵලයක් කිසිදිනෙක බලාපොරොත්තු නොවූ බවයි. එමෙන්ම තමන්ට ඉගැන්වූ සියළුම ගුරුවරුන්ට තමන් ස්තූතිවන්ත වන බවද ඔහු පවසා සිටියා.

එමෙන්ම කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සඳනි ඉරංගා වානිජ විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානය හිමිකර ගත් අතර, තුන්වන ස්ථානය හිමිවූයේ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ රන්දි රමේෂ් සිල්වා සිසුවාටයි.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ජීවා නයනමාලි කලා විෂය ධාරාව යටතේ උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් 99,304 ක් අතරින් පළමු ස්ථානය හිමිකරගත්තා.
ඇය පවසා සිටියේ ආත්ම විශ්වාසය තිබේනම්, කාලසටහනකට අනුව වැඩකටයුතු කරනවා නම් විභායෙන් සමත් වීමට හැකියාව ඇති බවයි. එමෙන්ම එදිනෙදා ලැබෙන වැඩ එදිනෙදා අවසන් කිරීමද මෙම ජයග්‍රහණයට හේතු වූ බවට ඇය පවසනවා.

එමෙන්ම මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ නිරාෂා නදීෂානි කලා විෂය ධාරාවේ දිවයිනේ දෙවන ස්ථානයට පත්වුණා.

කොළඹ කාන්තා විද්‍යාලයේ ෆාතිමා අමීරා ඉස්මයිල් කලා අංශයේ තෙවැනියායි.

පළමු වරට හඳුන්වාදුන් තාක්ෂණික විෂය ධාරාවට අදාළව ඉංජිනේරු තාක්ෂණවේදය සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂය ධාරාවන් යටතේ සිසුන් 12,697 දෙනෙකු මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටියා.

ඒ අතරින් ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානය හිමිකර ගත්තේ මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ශානක අනුරාධයි.
එහි දෙවන ස්ථානය කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉෂාර බුද්ධිකටත්, තෙවන ස්ථානය හිමිවුණේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට පෙනී සිටි යාපනය හින්දු විද්‍යාලයේ බාලසුබ්‍රමනියම් ඥානකීදන්ටත් හිමිවුණා.

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව යටතේ දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් වාසනා නවෝදනී අධ්‍යාපනය හැදෑරුවේ බණ්ඩාරවෙල ධර්මපාල  මහා විද්‍යාලයේයි.
ඇය මෙම ජයග්‍රාහි මොහොතේ ඉල්ලීමක් කරමින් පවසා සිටියේ ඔවුන්ගේ පාසැලේ කාර්මික පීඨයේ නැවතී ඇති වැඩ නැවත ආරම්භ කර අනාගත සහෝදර සහෝදරියන්ට හෝ එයින් ප්‍රයෝජනයක් ලබාගැනීමට අවස්ථාව ලබාදෙන ලෙසයි.

දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඔවුන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් දැක්වූ අදහස් පහතින්.....

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top