කොංගෝවේ පාසල් ළමුන් පිරිසක් එරට පාර්ලිමේන්තුවට පසුගියදා හිටි හැටියේ කඩාවැදී තිබෙනවා.
ගුරුවරුන්ගේ වැටුප් වැඩකරන ලෙස එරට පාලකයින්ට බල කිරීමේ අරමුණින් ඔවුන් මෙලෙස පාර්ලිමේන්තුවට කඩාවැදී ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තා කර තිබුණේ.
සිය වැටුප් වැඩි කරන ලෙස දන්වමින් කොංගෝවේ ගුරුවරුන් මේ වනවිට වැඩවර්ජනයක නිරත වී සිටිනවා.
මීට දෙසතියකට පමණ පෙර ආරම්භ කළ මෙම වර්ජනය නතර කරන ලෙස ද පාර්ලිමේන්තුවට කඩාවැදුණු පාසල් සිසුන් ගුරුවන්රුන්ගෙන් ඉල්ලීමක් ද කර ඇති බවයි වාර්තා වන්නේ