පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටි ඉෂාලිනී ජුඩ් නමැති බාලවයස්කාර දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන්අ ත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුළු සිව්දෙනෙක් ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය ඊයේ නියෝග කලා.
ඒ අනුව සැකකරුවන් නිරෝධායනය සඳහා මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය වෙත රැගෙන එනු ලැබුවා.
අදාළ දැරිය කෘරත්වයට පත් කිරීම, බාල වයස්කාර දැරියක මෙහෙකාර සේවයේ යෙදවීම සහ බාල වයස්කාර දැරියක වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කලේ දැරියගේ සිරුර ගොඩගෙන ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත මණ්ඩලයක් මගින් නැවතත්ප ශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම ඉෂාලිනී ජුඩ් දැරියගේ සිරුර භූමදාන කෙරුණු ඩයගම වත්තේ පොදු සුසාන භුමියට ඩයගම පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
මේ අතර දැරිය පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන විශේෂ පොලිස් කණ්ඩායම දැරිය පදිංචිව සිටි හැටන් - ඩයගම ප්‍රදේශයේ විමර්ශණ කටයුතු අද ආරම්භ කළා.
බදියුදීන් පවුලේ මෙහෙකාර කටයුතු සිදු කල සෙසු දරුවන්ගෙන් ද ඔවුන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතයි.
මේ අතර ඔවුන් ඉෂාලිනී ජුඩ් දැරිය පිළිස්සී මියයාම සම්බන්ධයෙන් විධිමත්ප රීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ඩයගම ප්‍රදේශයේ වතු කම්කරුවන් අද විරෝධතාවක නිරත වුණා.
ඩයගම නගරයෙන් ආරම්භ කළ විරෝධතා පා ගමන ඩයගම වතු යායට දක්වා පැමිණියා.
එහිදී ඉෂාලනී දැරියගේ සිරුර භූමදාන කෙරුණු සුසාන භූමියට පැමිණි විරෝධතාකරුවන් ඇයට පිං අනුමෝදන් කිරීමට ද කටයුතු කළා.
මේ අතර ඉෂාලිනි දැරියට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශ රැසක විරෝධතා පැවැත්වුණා.
මේ අතර බස්නාහිර පළාත තුළ වයස අවුරුදු16ට අඩු ළමයින් මෙහෙකාර සේවයේ යොදවා ඇත්ද යන්න පිළිබඳව විශේෂ මෙහෙයුමක් අද සිට ආරම්භ කරන අතර කොළඹ නගරය හෝ තදාසන්න ප්‍රදේශවල ළමුන් මෙහෙකාර සේවයේ යෙදවිම
සම්බන්ධයෙන් තොරතුරැ ඇත්නම් 011- 2433333 අංකයට දැනුම් දිය හැකියි.
ඒ අනුව මෝදර පොලිසියේ නිලධාරීන් එම පොලිස් බල ප්‍රදේශයේ බාල වයස්කාර දරුවන් සේවයේ යොදවා ඇති ස්ථාන පරීක්ෂා කළා.
VIDEO