මිනිස් ජාවාරමේ යෙදීමේ චෝදනාවකට වරදකරු වූ ඊජිප්තුවේ ටික්ටොක් තරුව ලෙස හඳුන්වන Haneen Hossam හට වසර 10 ක සිරදඬුවමක් නියම වී තිබෙනවා.
ඇය අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීම නිසා ඊජිප්තු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම තැනැත්තිය ටික්ටොක් ඔසසේ කාන්තාවන් වෙතින් ඉල්ලීමක් කරමින් තම ඡායාරූප මුදල් සඳහා වෙනත් අයට යවන ලෙස දන්වා ඇති බව සඳහන්.
මෙම ජාවාරමට සම්බන්ධ තවත් පස්දෙනකුට ඊජිප්තු පවුම් 2000 බැගින් දඩ නියම වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.