මෙම සටන කොතරම් උග්ර වූවාද කියහොත්, හිටපු ජනපති ට්රම්ප් මැතිවරණය නීති විරෝධී බව සඳහන් කරමින් අධිකරණ ක්රියාමාර්ග ගැනීමටද සැරසුණා.
ඔහුගේ ආධාරකරුවන්ද කලහාකාරී අන්දමින් හැසිරුණේ, ට්රම්ප් නිසැකයෙන්ම "ජයගත යුතු" බවට උදම් අනමින්.
කෙසේ හෝ වැඩිම ජනතා ප්රසාදය හිමි කරගත් ජෝ බයිඩන් අවසානයේ ධවල මන්දිරයේ මීළඟ උරුමක්කාරයා බවට පත් වෙනවා.
ඇමරිකානු ජනපති සටනත් සමඟ අන්තර්ජාලයට නිරන්තරයෙන් එකතු වුනු "කාටූන් නිර්මාණ" ද අපමණයි. බොහෝ නිර්මාණ ශිල්පීන් විටෙක ට්රම්ප්වත් තවත් විටෙක බයිඩන්වත් උපහාසට ලක් කර තිබුණා.
එමෙන්ම දින දෙක තුනක් පුරාවට පැවති මෙම සටන දෙස නොඉවසිල්ලෙන් බලා සිටි ඇමරිකානු ජනතාවත්, මෙම ශිල්පීන්, ඔවුන්ගේ නිර්මාණ-වලට එකතු කරගෙන තිබුණා.
ඉතින් හිරු ගොසිප් පාඨක ඔබේ රසස්වාදය වෙනුවෙන් එවැනි කාටූන් කිහිපයක් පහතින් බලන්න...