වට ප්‍රමාණය මත පොල් ගෙඩියක මිල තීරණය කිරීම මගින් වෙළඳුන්ට වෙළඳපොලේ පොල් මිල තීරණය කිරීමට මෙතෙක් පැවති ඒකාධිකාරය අහෝසි වී යනු ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා.
පොල් මිල ඉහළ යාමත් සමඟ පසුගිය 25 වනදා සිට බල පැවැත්වෙන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් උපරිම සිල්ලර මිලක් නියම කෙරුණු අතර, මිල තීරණය කිරීම සඳහා යොදාගනු ලැබුවේ පොල් ගෙඩියේ වට ප්‍රමාණයයි.
ඒ අනුව වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක් සඳහා රුපියල් 70 ක්ද, වටප්‍රමාණය අඟල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක් සඳහා රුපියල් 65 ක උපරිම සිල්ලර මිලක්ද නියම කෙරුණා.
වට ප්‍රමාණය අගල් පොල් අඟල් 12 අඩු පොල් ගෙඩියක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 60ක්.
කෙසේ වෙතත් මෙලෙස වටප්‍රමාණයට අනුව පොල් මිල තීරණය කිරීම සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විරෝධය පළ කරනවා.
මේ සම්බන්ධයෙන් අප පොල් සංවර්ධන මණ්ඩලයේ සැළසුම් අධ්‍යක්ෂ පී.එදිරිමාන්න සඳහන් කළේ පොල් ගෙඩියේ බර මත එහි මිල තීරණය කිරීමට ඇති හැකියාව පිළිබඳවද අධ්‍යයනයක් සිදුකරන බවයි.
මේ අතර වැඩි මිලට පොල් සහ සහල් අලෙවි කරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද(28) සිට ක්‍රියාත්මක බව පාරිභෝගික අධිකාරික සඳහන් කරනවා.