ගණිකාවන් ගැන මම කරපු හැදැරීමේදී මම වඩාත් යුහුසුළු වුනේ "මැඩම් ගණිකා" කියන කැටගරි එකට. ඒක "වීඅයිපී" කේස් එකක්. ඒ කියන්නේ ඔයාට ලේසියෙන් ඒ වගේ කෙනෙක්ව "ඉන්ටවීව්" කරන්න හම්බෙන්නේ නැහැ. අනිත් අතට "වීදි ගණිකා" කැටගරි එක කියන්නේ මට ඇතිවෙච්ච දෙයක්.
ඒ ගැහැනුන්ගෙන් සමහරක් උන් එක්කලා හැප්පෙන්න බෑ. උන් හරියට මේ මහපාරවල් අත්පත් කරන් ඉන්නේ ඒවායේ අයිතිකාරියෝ වගේ. පොලිසියේ හාදයෙක් දැක්කත් නාහෙට නාහන උන් ගැන ලිවිල්ල ඇත්තටම ඇති දැන්...
ඒත් මම හෙව්වේ... කවදමහරි ලියන්න. "සංචාරක ගණිකාවෝ" ගැන. මේ කියන කැටගරි එක, පැහැදිලිව කිව්වොත්, උත්සව දවස්වලට ඈත පළාත්වලින් නන්නාඳුනන පළාත්වලට කරක් ගහන උන්. ඒ කියන්නේ තමන්ට ගැළපෙන තාලේ "ගනුදෙනුකාරයෝ" හොයාගන්න අටියෙන්. (මෙයාලගේ ගාණ සැර නෑ හැබැයි.)
ඒ කෙනාව මට හම්බුනේ මිත්රයෙක් මාර්ගයෙන්. ඒත් ඇය නම් වෘත්තිමය ගණිකාවක් කියන යෙදුම පිළිකුල් කරන කෙනෙක්. ඒක මොකක් නමුත් "සම්තින් එකක්" හම්බවෙන වැඩක් නිසා එයා වැඩේට වඩාත් කැමතී... නමුත් පැය විසි හතරම ඒක ඇතුළේ කිඳා බැහැපු ගැහැනියක් නෙවෙයි.
"මම කම්පැනි එකක වැඩ කරනවා. ඒක තමයි මගේ රස්සාව. ඒ නිසා අර කියන ගණිකා කැටගරි එකට මම එච්චර ආස නෑ. මේ ෆීල්ඩ් එකට මම එන්නේ අවුරුදු 18දී විතර.. ඒ දවස්වල ස්කූල් අවුට් වෙලා මම යාළුවෙලා හිටපු කොල්ලෙක් එක්ක මම රෝන්දේ ගියා. ඒ රෝන්දේ අවසානේ ඒ කොල්ලා අතින් මම අනාථ වුනා. ඒ දවස්වල ඉතින් දැන් වගේ ලිංගික අධ්යාපනය දෙන්න යූටියුබ් චැනල් තිබුණේ නැහැනේ. මට ළමෙක් හම්බෙන්න ආවා. ඌයි මායි තීරණය කළා, ඒ ළමයව නැත්තටම නැති කරලා දාන්න... ඒ විදිහට තමයි මගේ කතාව පටන් ගන්නේ.."
ඒ ගැහැනිය පැහැදිලි කතාවක මුල් පරිචය කියවන අතරේ තව කතාවකට කලින් වේගයෙන් හුස්ම ගන්නවා. මේ මම හිතන ගැහැනියම නෙවෙයි. එතකොට ඒකත් සාම්ප්රදායික කතාවක්මද? දරුවෙක් නැති කරලා..? එක්කෝ ඌව වදන්න මහපාරට වැටුණු එකියෙකුගේ..?
"නැහැ..... ඇත්තටම අපි දරුවා නැති කළා. හැටදාහක් ගියා ඒ වැඩේට.. අපිට එච්චර සල්ලියක් තිබුනේ නැහැ. මට තිබ්බ එකම ප්රශ්නේ මම කොහොමද ගමට මූණ දෙන්නේ කියන එක. ඒත් මගේ බෝයි ඒ සල්ලි හොයාගෙන ආවා. මම හිතුවට මේ මනුස්සයා ගැන මහ ලොකුවට පස්සේ මම දැනගත්තේ ඌ මහා තිරිසන් සතෙක් කියලා. ඌ මා එක්ක හිටපු ෆොටෝ වීඩියෝ ගොඩක් ළඟ තියාගෙනයි හිටියේ. අන්තිමට මම දන්නෙත් නැතුව ඒ වීඩියෝ මගේ ළඟම හිටපු එවුන් බල බල කියවන්න ගත්තා..."
එතකොට තවදුරටත් මේ කතාව අර විදිහේ කතාවක් නෙවෙයි...
"ඌ ඒ වීඩියෝ තියාගෙන මාව බ්ලැක්මේල් කළා. ඌ තමයි පස්සේ මගේ ඩීල්කාරයා වුනේ. ඌ අරන් එන මිනිහලා එක්ක මට ඉන්න වුනා. දැන් නම් ඌ ඉන්නේ රට... මම දන් නෑ මගේ ෆොටෝ ඌ ළඟ තාම තියෙනවාද කියලවත්.. දැන් මේක මගේ බිස්නස් එක වෙලා. හැබැයි ඔය මියුසිකල් ෂෝ එහෙම තියෙන දවස්වලට තමයි මම ගොඩක්ම එළි බැස්සේ. සල්ලි ගාණ අනුව කස්ටමර් කැමති විදිහට සේවිස් එක දෙනවා. සමහර වෙලාවට රූම්ස් නැති වෙනකොට ත්රීවිල් වල තමයි... දැන් ඉතින් මට කට්ටියක් හැදිලා ඉන්නවා. උන් ඉතින් මට සලකනවා.."
මේ ගැහැනුන්ගේ ජීවිත හරිම පුදුමයි. ඇත්තටම මට මේ කතාව අවසානයේ "විශ්ලේෂණයක්" හෝ තද "පහුරු ගෑමක්" කරන්න බෑ.
ඒ වෙනුවට... ඇත්තටම පුළුවන්.. ආයෙම ඒක කියන්න..
"මේ ගැහැනුන්ගේ ජීවිත හරිම පුදුමයි...."
සුරේෂ් ගයන්ත විසින් ලියූ නිබන්ධයක් ඇසුරින් සකස් කළ ලිපියකි.