මාතර - මිදිගම ප්‍රදේශයේදී මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වූ අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් සන්ෂයින් සුද්දාට වෙඩි තැබීමේ සිද්ධිය මෙහෙයවා ඇත්තේ චින්තක හෙවත් හරක් කටා නැමැත්තා බවට තොරතුරු ලැබී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසනවා.
එහි මාධ්‍ය ඒකකය සඳහන් කළේ චින්තක නැමැත්තා මිදිගම ප්‍රදේශයේ සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයෙකු බවයි.
ඔහු විසින් සිය සමීපතම ගෝලයෙකු වන ජෙරම් කෝලිත සිල්වා හෙවත් අතුරුගිරියේ ජෙරම් යොදාගෙන මෙම වෙඩි තැබීම සිදුකර තිබුණා.
පසුගිය මස 30 වනදා මාතර - මිරිස්ස ධීවර වරායේ ප්‍රධාන පිවිසුම් ගේට්ටුව ඉදිරිපිට සිදුවූ මෙම වෙඩි තැබීමෙන් සන්ෂයින් සුද්දා තුවාල ලැබුවා.