Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



...
May
24
හිරුට කොටින්ගෙන් සයිබර් ප්‍රහාරය එල්ලවෙද්දී, කොරෝනා ලෝක්ඩවුන්, මළ මිනී අස්සෙන් යුරෝපයේ යළි නැගිටින ඩයස්පෝරා සෙල්ලම්

- හිරුට කොටින්ගෙන් සයිබර් ප්‍රහාරය එල්ලවෙද්දී, කොරෝනා ලෝක්ඩවුන්, මළ මිනී අස්සෙන් යුරෝපයේ යළි නැගිටින ඩයස්පෝරා සෙල්ලම්Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

2 Views
ලන්ඩන් ඩයස්පෝරාව යටතේ සංගම් 60ක්..

ශ්‍රී ලංකා ජනතාවට හිත් රිදවීමක් සිදුවූවා නම් මම ඒ ගැන සමාව ඉල්ලනවා..

මේ අප ගත කරන්නේ ශ්‍රී ලංකාවට පමණක් නොව සාමය අගයන ලෝක ජනතාවටම ඉතා වටිනා සතියකි. වත්මන් ශ්‍රී ලංකා හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සහ ආනන්දයෙන් බිහි වූ විරෝදාර සෙන්පතියන් වූ කරන්නාගොඩ, ෆොන්සේකා, සරත් වීරසේකර, ප්‍රසන්න සිල්වා, ජගත් ඩයස්, ප්‍රසාද් අමරසිංහ, ගෝඨාභය රාජපක්ෂ වැනි විරෝදාර සෙන්පතියන් හා 30,000කට අධික ත්‍රිවිධ හමුදා රණවිරුවන් විසින් කුරිරු කොටි දෙමළ ත්‍රස්තවාදය මුළුමනින්ම පරදා වසර එකොළහකි.

අපගේ සතුට අද වැඩිවන්නේ 2015දී බලයට පැමිණි යහපාලන රජය විසින් රණවිරු සැමරීමට එරෙහිව පනවා තිබූ දහසක් නීති හා බාධකවලට පයින් ගසමින් රට - ජාතිය බේරාගැනීම සඳහා තම ජීවිත පූජා කළ 28,133ක ත්‍රිවිධ හා පොලිස් හමුදා භටයන් වෙනුවෙන් ප්‍රසිද්ධියේ පහන් පත්තු කිරීමට, පින්කම් කිරීමට, උපහාර දැක්වීමට ශ්‍රී ලංකාවේ ජනතාවට අද වත්මන් රජය යටතේ නිදහස ලැබී ඇති නිසාය.
 
අවුරුදු පහක් තිස්සේ යුද විජයග්‍රහණය සැමරීමට යහපාලන රජයේ අගමැතිවරයා ශ්‍රී ලංකාවාසීන්ට ඉඩදුන්නේ නැත. 2009 සිට 2014 දක්වා වාර්ෂිකව පැවැති යුද විජයග්‍රහණ සැමරුම් සියල්ලම නවත්වා දැමීමට තරම් පසුගිය රජය කුරිරු විය. රට වෙනුවෙන් දිවි පිදූ තම පුතා, දුව, අම්මා, තාත්තා වසරකට වරක් හෝ සමරන්නට තිබුණු අයිතිය යහපාලකයන් බිඳ දැම්මේ ඊනියා සහජීවනයක් ගැන විකාර ‍ෙදාඩවමිනි.
 
රණවිරුවන් තම අත්, පා, ඇස් දන් දී රට එක්සේසත් කරමින් 2009 මැයි 18 ලබාගත් නිදහස යහපාලකයන්ට වහ කදුරු විය. රණවිරුවන්ට ගෞරව, සම්මාන පුද කරනු වෙනුවට මංගල සමරවීර දේශ ද්‍රෝහී විදේශ ඇමැතිවරයා ඇමෙරිකාවත් සමඟ එකතු වී ශ්‍රී ලංකාව යුද අපරාධ කළා යැයි යෝජනාවක් ජිනීවාහි සම්මේලනයට ඉදිරිපත් කළේය. මෙයට වඩා දේශ ද්‍රෝහී වැඩ කළ දේශපාලනඥයකු ශ්‍රී ලංකාවේ පහළ වූයේ නැත.
 
ඩයස්පෝරාව ඉදිරියේ දණින් වැටී ඔවුන්ගේ ඉල්ලීම්වලට යටත් වෙමින් රණවිරුවන්ට දහසක් අපහාස කළ හා ඔවුන් හිරේ විලංගුවේ දැමූ දුර්දාන්ත යහපාලන සමය අවසන් වී ඇති නිසා අද මියගිය තම ආදරණීය රණවිරු පුතා, දුව වෙනුවෙන් මලක් තබන්නට ඔවුන්ගේ සොහොන් කොත සිඹ සැනසෙන්නට දහසක් මවුපියන්ට ඉඩ ලැබී තිබේ.
 
ජාතික උත්සවයකදී පරණ දේශපාලන කෝන්තර අමතක කොට එක්වීම වටිනා ගුණාංගයකි. එනිසා යුද ජය සැමරීම සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය ඉදිරියේ පැවැත්වූ අලංකාර උත්සවයට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා විසින් යුද සෙන්පති සරත් ෆොන්සේකා මහතාටත් ආරාධනා කිරීම වටිනා ආදර්ශයකි. නමුත් මුළු ශ්‍රී ලංකාවම ගෞරවයෙන් නැරඹූ මේ උසස් උත්සවය පසෙකලා කළුතර පැත්තේ පැවැති විරෝධතා රැලියකට යෑමෙන් ෆොන්සේකා මහතා කළේ බාල වැඩකි. එතකදු වුවත් එක්තරා නාළිකාවක් විසින් ඊළාම් යුද්ධය දිනීමේ පුරෝගාමියකු වූ ෆොන්සේකා මහතාගේ මුහුණ බොඳ කොට පෙන්වීම හෙළා දැකිය යුතු කාර්යයකි.
 
ලන්ඩන් ලංකා තානාපති කාර්යාලය තුළද අවුරුදු පහකට පසු විරෝදාර රණවිරුවන්ට ඉටිපන්දම් හා පහන් දල්වා ගෞරව පුද කරනු ලැබීය. මියගිය රණවිරුවන් 28,000 සිහි කර විනාඩි තුනක නිශ්ශබ්දතාවකින් ඔවුන්ට ගෞරව ආචාර කිරීමට ලන්ඩන් මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය හා කාර්ය මණ්ඩලය කටයුතු කළෝය.
 
ශ්‍රී ලංකාවත්, තානාපති කාර්යාලයත් යුද්ධය නිමා වී වසර 11ක් වීම ඉතා උත්සවාකාරයෙන් සැමරුවත් අපි මේ අවස්ථාවේ ඔබ සැවොම අවධාරණයෙන් මතක තබා ගත යුත්තේ යුරෝපයේ කොටි ඩයස්පෝරාව යුද්ධය තවම හමාර කොට නැති බවය.
 
නදික්කාල් කළපුවේදී ලෝකය දරුණුතම ත්‍රස්තවාදී කණ්ඩායම වූ ඊළාම් කොටින් අපගේ විරෝදාර ශ්‍රී ලංකා හමුදාව විසින් අන්ත පරාජය ලබා ප්‍රභාකරන් ගහලයාගේ දැවී ගිය සිරුරේ අළු මුහුදට යට වී ගියත් ලෝකය වටේ සිටින කොටි ඩයස්පෝරාව එකොළොස් වසරකට පසුවත් පරාජය පිළිගන්නට ලැහැස්ති නැත. ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ 2009 මැයි 18දා ඔවුන්ගේ ඊනියා විමුක්ති සටන පසුබෑමකට ලක්වූවා මිස පරාජය නොවූ බවය. යුරෝපයේ, කැනඩාවේ, ඕස්ට්‍රේලියාවේ සිටින ලක්ෂ ගණනක කොටි අනුගාමිකයන් ශ්‍රී ලංකාව නැවත ලේ බිමක් කිරීමේ අදිටනින් අරමුදල් එකතු කරති. ශ්‍රී ලංකාවට විරුද්ධව දහසක් බොරු ඔවුනට හිතවත් මාධ්‍ය හරහා ලොවපුරා පතුරවති.
 
ඩයස්පෝරාවේ කොටි අනුගාමිකයන් ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාර කටයුතු ලන්ඩන් නුවර තුළ කරගෙන යන්නේ ඉතා සූක්ෂ්ම අන්දමටය. ලන්ඩන් ඩයස්පෝරාව යටතේ සංගම් 60ක් පමණ වෙන වෙනම පැවැත්වෙයි. එක් කණ්ඩායමකගේ නම ඊළාම් හැකර් සමාජයයි. ඔවුන්ට භාර වී ඇති කාර්යය විදේශ රටවල තියෙන ලංකා තානාපති කාර්යාල හා ශ්‍රී ලංකා රජය අතර කෙරෙන සංවාද හා පණිවුඩවලට හොරෙන් සවන්දීමයි. ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය, යුද හමුදාව මුදල් අමාත්‍යාංශය වැනි ඉතා වැදගත් දෙපාර්තමේන්තු හා මාධ්‍ය ආයතනවල වෙබ් අඩවි සම්පූර්ණයෙන් අඩපණ කිරීමට ඔවුහු දිවා රෑ වෙහෙසෙති. මැයි 18 උදෑසනම හිරු නාළිකාවේ වෙබ් අඩවිය පැය භාගයකට හෝ අඩපණ කිරීමට ඔවුනට හැකිවූයේ මේ හැකර් කණ්ඩායමේ සිටින වැඩිදෙනකු බ්‍රිතාන්‍ය සරසවිවලින් තාක්ෂණය පිළිබඳ ඉහළම උපාධි ලැබූ හොරුන් පිරිසක් වන නිසාය.
 
මේ ඩයස්පෝරාවේ තවත් කණ්ඩායමකට භාරදී ඇති කාර්යය නම් බ්‍රිතාන්‍යයේ ජාතික පුවත්පත්වල කර්තෘවරුන් හා ඉහළ නිලධාරීන් ඊනියා ඊළාම් රාජ්‍යයේ අනුගාමිකයන් බවට පත් කරගැනීමයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ට ශ්‍රී ලංකාව ගැන අතේ පැළවෙන බොරු කියමින් ඔවුන් තමන්ගේ පැත්තට නතු කරගැනීම සඳහා ඩයස්පෝරාව වෙනමම කණ්ඩායමක් පත් කර ගත්තේ 1983 වැනි ඈත කාලයේ සිටමය. ඔවුන්ගේ මෙහෙයුම කොතරම් සාර්ථක ද කියනවා නම් මේ වනවිට බි්‍රතාන්‍යයේ කොන්සර්වටිව් ලේබර් හා ලිබරල් පක්ෂ තුනේම මන්ත්‍රිවරු 138ක්ම කොටි සංවිධානයේ අනුගාමිකයන් වී හමාරය. පසුගිය මැතිවරණයේදී පරාජයට පත් වුණු ලේබර් පක්ෂයේ නායකයාව සිටි ජෙරම් කෝබන් ඩයස්පෝරාව විසින් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල තුළ පැවැති ශ්‍රී ලංකා විරෝධී රැස්වීම් 15කම මුලසුන දැරීය. දෙමළ ජනතාවට ශ්‍රී ලංකාවේ වෙනම රාජ්‍යයක් ලබාදීම අපේ පරම යුතුකම යැයි ඔහු පාර්ලිමේන්තුවේ කතා කළ වාර ගණන බොහෝය.
 
කොටි සංවිධානය බ්‍රිතාන්‍යයේ තහනම්ය. නීතියේ හැටියට බිහිසුණු කොටින්ගේ ලාංඡනය හෝ කොඩිය මෙහි කිසිම තැනක ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීමට බැරිය. නමුත් දෙමළ කොටි මේ නීතිය තුට්ටුවකට ගණන් ගන්නේ නැත. පෙළපාළියක දී හෝ විරෝධතා රැලියකදී පමණක් නොව අවස්ථාවක් ලැබෙන සෑමවිටම ප්‍රභාකරන්ගේ රුව සහිත ඊළාම් කොඩිය ප්‍රදර්ශනය කරමින් අපේ කොටි සංවිධානය මැරිලා නැහැ. අපි නැවත නැඟිට කෙසේ හෝ ඊළාමය ලබා ගන්නවා යැයි පණිවුඩය ලොවට දීමට ඩයස් පෝරාව අතිදක්ෂය.
 
මේ සඳහා හොඳම උදාහරණය අපට පසුගියදා දකින්නට ලැබුණේ ලන්ඩන් නුවර Harrow උප නගරයේ Northwick Park නමැති රෝහල ඉදිරිපිටය. කොරෝනා මරණයෙන් රෝගීන් බේරාගැනීම සඳහා තම ජීවිතය පරදුවට තබා බ්‍රිතාන්‍ය නිලධාරීන් හා අනෙකුත් කාර්ය මණ්ඩලවලට ජනතාවගෙන් හා නොයෙකුත් ආයතනවලින් නානාප්‍රකාර උදවු, ආහාර හා සම්පත් තෑගි ලැබේ. ලන්ඩන් නුවර තේම්ස් විහාරයේ ලාංකික දායක පිරිස ළඟම ඇති මහ රෝහලට ආරක්ෂා වැසුම්, හා විශාල මුදලක් නිහඬව පරිත්‍යාග කළහ. ඔවුන් ඒ අවස්ථාවේ ලංකා ජාතික ධජයවත් පාවිච්චි කළේ නැත.
 
පසුගිය සතියේ ඩයස්පෝරාවේ සාමාජිකයන් පිරිසක් විසින් Northwick Park රෝහලට ලාබෙට ගන්නා ලද පලතුරු පෙට්ටි හා බීම බෝතල් කිහිපය පරිත්‍යාග කරන ලදී. රෝහල් නිලධාරීන් කූට ලෙස රැවටූ ඩයස්පෝරා සාමාජිකයන් ඔවුන් කොටි ත්‍රස්තවාදී සංවිධානයේ ලාංඡනය සහිත බැනරයක් හා ඊළාම් කොඩිය ඉදිරියේ තබා පින්තූර ගත්හ. ඉන්පසු ඔවුන් සමාජ මාධ්‍ය ජාලා හරහා මෙම පින්තූර ප්‍රසිද්ධ කරමින් තහනම් කරන ලද කොටි සංවිධානයට තවත් විශාල ප්‍රචාරයක් ලබාදුන්හ. මෙය දුටු බ්‍රිතාන්‍යයේ ලාංකිකයන් දහස් ගණනින් රෝහල් අධිකාරියට පැමිණිලි කරන්නට පටන් ගත්හ.
 
ලන්ඩන් ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන වහාම රෝහල් පද්ධතියේ කළමනාකාර අධ්‍යක්ෂ Chris Brown ට තමන්ගේ දැඩි විරෝධය පළ කළාය. කළමනාකාර අධ්‍යක්ෂවරයා වරද පිළිගනිමින් කොමසාරිස්තුමියට එවූ ලිපියේ මෙසේද සඳහන් කරයි. “අපගේ රෝහලට මේ සුළු ත්‍යාගය ප්‍රදානය කළ දෙමළ ප්‍රජාව සමඟ අපේ කිසිම සම්බන්ධයක් නැහැ. ඔවුන් අපිට පලතුරු හා බීම පරිත්‍යාග කළේ හොඳ හිතින් කියා හිතා අපේ නිලධාරීන් කිහිපදෙනකු එම තෑගි සතුටෙන් පිළිගත්තා. නමුත් ඔවුන්ගේ යටි අරමුණ වූයේ ඔවුන්ගේ බැනර් කොඩි ප්‍රදර්ශනය කරමින් අයථා ප්‍රසිද්යක් ලබාගැනීම යැයි කියා දන්නවා නම් මගේ නිලධාරීන් එම ඡායාරූපයට පෙනී සිටින්නේ නැහැ. මේ වැරැද්ද නිසා ශ්‍රී ලංකා ජනතාවට හිත් රිදවීමක් සිදුවූවා නම් මම ඒ ගැන සමාව ඉල්ලා සිටිනවා.”
 
ඊළඟ කොටි සෙල්ලම පටන් ගත්තේ බි්‍රතාන්‍යයේ ප්‍රධාන ජාතික පුවත්පතක් වූ Guardian පත්‍රයයි. වාමාංශික පත්‍රයක් වූ Guardian 80 දශකයේ පටන් දෙමළ කොටි ත්‍රස්තවාදීන්ගේ තෝතැන්නක් වූවකි. පසුගිය සතියේ ගාඩියන් පුවත්පත ඊළාම් නාමය රැකගැනීම සඳහා අමුතු උපායක් යෙදීය.
 
මැයි 15දා පත්‍රයේ සංචාරක අතිරේකය පළ වූ පැන විසඳුම් (Quiz) විශේෂාංගයේ දෙවැනි ප්‍රශ්නය වූයේ ඊළාම් යන ඓතිහාසික නමින් හැඳින්වුණු සංචාරක දූපත කුමක්ද යන්නයි. ප්‍රශ්නයට උත්තර වශයෙන් බාලි, මුරුෂස්, සීෂෙල්ස් හා ශ්‍රී ලංකාව යන රටවල් යටින් සඳහන් කොට තිබුණු අතර පිටුවේ විසඳුම් තීරයේ නිවැරදි පිළිතුර ශ්‍රී ලංකාව යැයි ප්‍රකාශ කොට තිබිණි.
 
පත්‍රය මුද්‍රණය වී පැය දෙක තුනක් යන විට මේ ප්‍රශ්නයට විරෝධය පළ කරමින් ශ්‍රී ලාංකිකයන් දිගින් දිගටම ගාඩියන් පත්‍රයට ටෙලිෆෝන් හා පණිවුඩ එවන්නට විය.
 
ඉස්සර ලංකාව ගැන මෙවැනි අසත්‍ය තොරතුරක් බි්‍රතාන්‍ය පුවත්පතක පළවුවහොත් ඒ ගැන පියවරක් ගැනීමට ලංකා තානාපතිවරයා අවදි කිරීමට මෙහි සිටින අපට සති ගණන් මහන්සි ගන්නට සිදුවිය. නමුත් ලන්ඩන් නුවර නව මහකොමසාරිස් සරෝජා සිරිසේන කොටි ත්‍රස්තවාදීන්ටවත් ඩයස්පෝරාවටවත් බය වන අන්දමේ නිලධාරියකු නොවේ.
 
තානාපති සේවයේ දශක දෙකකටත් වඩා පළපුරුද්දක් ඇති සරෝජා සිරිසේන ගාඩියන් පත්‍රයේ කර්තෘවරියට තම දැඩි විරෝධය පළ කරමින් වහා යැවූ ලිපියේ මෙසේ ද සඳහන් විය. “LTTE යනු අහිංසක දරුවන් යුද පෙරමුණට යැවූ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ දේශපාලන නායකයන් බොහෝ දෙනකු හා දස දහස් ගණනක අහිංසක සිවිල් ජනතාව අමු අමුවේ මරා දැමූ කෲර මිනීමරු සංවිධානයකි. ඊළාම් යන වචනය ඔවුන් උතුරු ශ්‍රී ලංකාවේ පිහිටුවා ගන්නට මාන බැලූ සිහින රාජ්‍යයේ නමයි. ශ්‍රී ලංකාව ඉතිහාසයේ කිසිම දිනක ඊළාම් නමින් හැඳින්වූයේ නැති බවට ඔබට මතක් කර දිය යුතුය.” එයට අමතරව “ බ්‍රිතාන්‍යයේ තහනම් කර ඇති කෲර ත්‍රස්තවාදී සංවිධානයකට ශ්‍රී භඪල පැන විසඳුම් විශේෂාංගයක් මඟින් අනවශ්‍ය ප්‍රසිද්ධියක් ලබාදීමට ඔබගේ පත්‍රයට ඇති අයිතිය කුමක්දැයි” ඇය තදින් ප්‍රශ්න කළාය.
 
මහකොමසාරිස්තුමියගේ ලිපිය ලැබී පැයක් ඇතුළත එම ප්‍රශ්නය ගාඩියන් වෙබ් අඩවියෙන් ඉවත් කර ගන්නා ලද අතර එම ප්‍රශ්නය අපේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකු විසින් ඊළාම් යන වචනය ගැන වැරදි වැටහීමකින් සම්පාදනය කරන ලද්දකි. අපි එම ප්‍රශ්නය වහාම Web අඩවියෙන් ඉවත් කරගත්තා. මේ ගැන ඇති වූ හිත් රිදීම ගැන අපි කනගාටු වනවා යැයි ගාඩියන් පුවත්පතේ ප්‍රධාන කර්තෘවරිය Elizabeth Ribbans සරෝජා සිරිසේන මැතිනියට පිළිතුරු එවමින් කියා සිටියේය.
 
ගාඩියන් පත්‍රයට තිබුණු වැරදි වැටහීමක් නැත. කොටි සපෝටර්ලා වන ඔවුන් මේ කළේ මුට්ටිය දමා බැලීමකි. ලාංකිකයන්ගේ බලවත් විරෝධතා මැද්දේ අකුළා ගැනීමට ඔවුන්ට සිදුවිය.
 
නමුත් රණවිරු සමරන සතියේ එංගලන්ත කොටි ඩයස්පෝරාවේ ලංකා විරෝධී ප්‍රචාර එතැනින් නැවතී නැත. බ්‍රිතාන්‍යයේ තුන්වැනි ප්‍රධාන දේශපාලන පක්ෂයේ නායක Ed Davie ලවා ලංකා විරෝධී ප්‍රකාශනයක් නිකුත් කර ගැනීමට ඔවුන් සමත් විය. ලෝක සිතියමේ ලංකාව තියෙන්නේ කොහේදවත් නොදන්නා මේ ලිබරල් නායකයා විනාඩි දෙකක Video පණිවුඩයකින් මෙසේ කියයි.
 
“මෙයට වසර 11කට පෙර ශ්‍රී ලංකාවේ වයික්කාල්හි සිදුවන දෙමළ මිනිස් සංහාරය අපේ පක්ෂය තරයේ හෙළා දකිනවා. මේ ගැන විධිමත් පරීක්ෂණයක් කොට වරදකරුවන්ට දඬුවම් දෙන ලෙස මම එ.ජා. සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. දෙමළ කොටි සංවිධානයේ බොරු ප්‍රචාරවලට බ්‍රිතාන්‍යයේ ඉහළම පෙළේ දේශපාලනඥයනුත් ලෙහෙසියෙන්ම රැවටෙන බව පෙන්වීමට මෙයට වඩා සාධක අවශ්‍ය නැත.
 
ශ්‍රී ලංකාවේ රණවිරු සැමරීමේ උත්සවයන්හි අගය විනාශ කිරීම සඳහා එම සතිය දෙමළ සංහාරය සතිය නමින් නම් කිරීමට ලොව පුරා සිටින කොටි අනුගාමිකයෝ ඉතා දැඩි උත්සාහයක යෙදෙමින් සිටිති. මෙහි එක පියවරක් වශයෙන් කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු වන විජය තනිගසාලම් නමැති යාපනයෙන් පැමිණි සරණාගතයකු පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන එමින් කියා සිටියේ ශ්‍රී ලංකාවේ අමු අමුවේ මරා දමන ලද දෙමළ ජනතාව වෙනුවෙන් කැනඩාවේ දෙමළ සංහාර දිනයක් වශයෙන් මැයි 18දා නම් කළ යුතු බවය. එයට අමතරව කැනඩාවේ පාසල් පොත්වල මේ සංහාරය ගැන පින්තුර පළකොට පාසල් ළමයි දැනුවත් කළ යුතු යැයි ඔහු යෝජනා කරයි. දෙමළ ළමයකු ඒලෙවල් සාමාන්‍ය ලකුණු 95%ක් ලබා ගත්තත් වර්ගවාදී ශ්‍රී ලංකාවේ කිසිම සරසවියක ඔහුට ඉඩ නැතැයි මේ මන්ත්‍රිවරයා තවත් අමූලික බොරුවක් පාර්ලිමේන්තුව තුළ ඇද බෑවේය. ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සිටින කොටි අනුගාමිකයන් 20,000ක ගේ ඡන්දය ලබාගැනීමට ඇති කෑදරකම නිසා මෙම දෙමළ මන්ත්‍රිගේ යෝජනාව අනුමත කරමින් තවත් මන්ත්‍රිවරු දහයක් පමණ පාර්ලිමේන්තුවේ කතා පවත්වා ඇත.
 
ලන්ඩන් මහකොමසාරිස්තුමිය මෙන් කැනඩාවේ මහකොමසාරිස්තුමා මේ කොටි අනුගාමිකයන්ගේ අසත්‍ය ප්‍රචාර මැඬපැවැත්වීමට උනන්දු නොවන බවත් එනිසාම නුදුරු කාලයේදී කැනඩා රජය මැයි 18දා දෙමළ මිනිස් සංහාර දින යැයි නිල වශයෙන් නම් කිරීමට ඉඩ ඇති යැයි කැනඩා ලාංකිකයන් දැනටමත් අනතුර අඟවති.
 
යුද්ධයේ අවසන් දිනවල ශ්‍රී ලංකාවේ දෙමළ සංහාරයක් සිදුනොවුණු බවත් සිදුවූයේ කුරීරු කොටින් විසින් ප්‍රාණ ඇපයේ මාස ගණනක් තිස්සේ තබාගෙන සිටි අසරණ දෙමළ සිවිල් වැසියන් ලක්ෂ හතරක් හමුදාව ඉදිරිපත්ව බේරාගැනීම බවත් කැනඩා රජයේ ඇමැතිවරුන්ට පහදාදීමට මහකොමසාරිස්තුමා ඔබ පමණ බය ඇයි.
 
මේ අතර ඕස්ට්‍රේලියාවේ New South Wales පාර්ලිමේන්තුවට එවැනිම යෝජනාවක් ගෙන එමින් ඊළාම්වාදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ප්‍රකාශ කොට ඇත්තේ ඕස්ට්‍රේලියාවද දෙමළ සංහාර සතිය නිල වශයෙන් පිළිගත යුතු බවයි.
 
පසුගිය නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණයෙන් පසු විදේශ පුවත්පත් හා වෙබ් අඩවිවල පළවන ශ්‍රී ලංකා විරෝධී ලිපි හා ප්‍රකාශන පස් ගුණයකින් පමණ වැඩි වී තිබේ. අල්ජසීරා මාධ්‍ය ආයතනය තනිකරම රුදුරු කොටින්ගේ ග්‍රහණයට ලක් වී ඇත. සෑම සතියකම ඔවුන් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා හා සිංහල විරෝධී ලිපියක් ප්‍රචාරය වෙයි. නැති නම් දරුණු ඊළාම්වාදී වැඩසටහනක් විකාශනය කරයි. ලන්ඩන් ටයිම්ස් හා ගාඩියන් පත්තරද ඔවුන්ට දෙවැනි නැත.
 
ඒ අස්සේ කොටින්ගේ අමූලික පචවලට රැවටී ඇති ජිනීවාහි මහකොමසාරිස්තුමිය Michelle Bachelet, ලොක්ඩවුන් නීති මුවාවෙන් ශ්‍රී ලංකාව සුළු ජාතීන්ට අඩන්තේට්ටම් කිරීම පටන්ගෙන ඇතැයි චෝදනා කරයි. ලන්ඩන් Economist සඟරාව පසුගිය සතියේ ලිපියක් ලියමින් කියා සිටියේ, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රාජ්‍ය පරිපාලන සේවය සඳහා හමුදා නිලධාරීන් පත් කරමින් රටේ හමුදා පාලනයක් ඇරැඹීමට පිඹුරුපත් සකස් කරන බවයි.
 
කොටි ඩයස්පෝරාව ලෝකය ඉදිරියේ ඉතා සූක්ෂ්ම ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය විනාශ කරමින් නැවත යුද්ධයකට අරඅඳින බව ලංකා රජයේ ඇමැතිවරුන්ට තේරෙන්නේ නැත. ශ්‍රී ලංකා රජයට නොතේරුණාට කොටි සංවිධානයට නැවත පණ පොවන්නටත් එ.ජා. සංවිධානය හා ලෝකයේ බලවත් රාජ්‍යයන් ලවා බලය බෙදා හැරීමකට ලංකාව පොලඹවාගෙන ඒ හරහා අවසානයේ ඊළාමය ලබාගැනීමටත් කොටි දෙමළුන් දීර්ඝ කාලීන සැලැස්මක් යටතේ ලන්ඩන්වල රහසිගත ක්‍රියාවලියක යෙදෙමින් සිටිති.
 
එම අරමුණ ඉටු කරගැනීම සඳහා ලොව පුරා කොටි ඩයස්පෝරා කරගෙන යන ශ්‍රී ලංකා විරෝධී ප්‍රචාර වැඩ මැඬපැවැත්වීමට තවමත් අපේ විදේශ අමාත්‍යාංශයට වුවමනාවක් නොමැතිවීම ගැන ලන්ඩන් ලාංකිකයන් වන අපට ඇත්තේ බලවත් කනගාටුවකි.
 
මෙම කොටි ඩයස්පෝරාව ලොව පුරා මාධ්‍ය හා පුවත්පත්වල සිතාමතා පළ කරන අසත්‍ය තොරතුරුවලට ක්ෂණික පිළිතුරු ලබාදීම සඳහා පාලිත කොහොන වැනි විදේශ තානාපති සේවයේ මනා පළපුරුද්දක් ඇති නිලධාරියකු යටතේ අංග සම්පූර්ණ මාධ්‍ය ඒකකයක් තාක්ෂණික උපකරණ සමඟ වෙනමම පිහිටු විය යුතු කාලය දැන් පැමිණ ඇත.
 
එවිට පිටරට සිටින ලාංකිකයන්ට තමන්ගේ රටේ මාධ්‍යයක ශ්‍රී ලංකා විරෝධී අසත්‍ය පුවතක් පළවූ විගසම ඒ බව මෙම මාධ්‍ය ඒකකයට දැනුම් දිය හැකිය. එවිට 24 පැයක් ඇතුළත එම ප්‍රකාශ බොරු බවට එම පුවත්පත් ආයතන දැනුවත් කොට වරද නිවැරදි කිරීමක් පළකරවා ගැනීමට මෙම ඒකකයට පුළුවන්කම ලැබෙනු ඇත.
 
ආනන්දයේ මගේ පාසල් මිතුරා අද්මිරාල් සරත් වීරසේකර විසින් පසුගියදා කළ රත්තරන් ප්‍රකාශයෙන් මේ ලිපිය අවසන් කළ යුතු යැයි මට සිතේ.
 
2019 මැයි 18දා නන්දිකඩාල් කළපුවේදී අප කපා දැම්මේ රුදුරු කොටියාගේ වලිගය පමණි. මේ දුෂ්ට සතායේ ඔළුව, කඳ, බඩ, කකුල් තවමත් යුරෝපයේ නිරුපද්‍රිතව ක්‍රියා කරයි. මෙම කොටියා සම්පූර්ණයෙන්ම ඝාතනය කර දමන තුරු යුද්ධය හමාර යැයි උදම් ඇනීමට කිසිම ලාංකිකයකුට පුළුවන්කමක් නැත.
 
මව්බිම
බ්‍රිතාන්‍ය ඉංජිනේරු
ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන
ලන්ඩන් නුවර සිට ලියයි.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins









Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top