ඇඳිරි නීතිය ඉවත් කිරිමත් සමග අද (26) බිත්තර ලක්ෂයක් පමණ අලෙවිකළ බව බිත්තර අළෙවිකරුවන් පවසනවා.
ජංගම රථ මගින් එක් බිත්තරයක් රුපියල් දහයක මුදලකට අලෙවි කිරීම හේතුවෙන් නාඋල නගරයට පැමිණි ජනතාව ඉතා දිගු පෝලිම් වලට එක්වී බිත්තර ලබා ගෙන තිබෙන බවත් සදහන්.
මීට අමතරව ඖෂධසැල්වලින් තමන්ට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සදහා ද පිරිස් දිගු පෝලිම්වලට එක්වී සිටින අයුරුද දක්නට ලැබී තිබෙනවා.
විශේෂයෙන් ඒ නවය මාර්ගයේ දෙපස තාවකාලිකව ජංගම වෙළදාමේ නිරත පිරිස් අතරින් ඇතැම් පිරිසක් අධික මිල ගණන් යටතේ එලවළු අළෙවි කිරීම කණගාටුවට කරුණක් බව ද පාරිභෝගිකයන් පවසනවා.