බෙල්ජියම මෙවර ලෝක කුසලානයේ පෙරළිකාරයින් බව යලි පෙන්වයි...
එක් අර්ධයකදී ගෝල 5ක්...
2018 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියට අදාලව ජපානය සමග පැවති තරඟය 3 ට 2 ක් ලෙස ජයගත් බේල්ජියම් කණ්ඩායම අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලබා තිබෙනවා.
මේ අතර බ්‍රසීලය හා මෙක්සිකෝව අතර පැවති දෙවන වටයේ තරගය ගෝල 2 - 0 ක් ලෙස ජය ගනිමින් බ්‍රසීලයද අර්ධ අවසන් පූර්ව වටයට සුදසුකම් ලබා ගත්තා.
මෙහිදී තරගයේ පළමු අර්ධය තුළ කණ්ඩායම් දෙකටම ගෝල ලබා ගැනීමට හැකි වුණේ නැහැ.
51 වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කරමින් තරගයේ ග්‍රහණය බ්‍රසීල කණ්ඩායම වෙත පවරාගත් නේමාර් අවසන් මිනිත්තු කිහිපය තුළ තවත් ගෝලයක් සඳහා රොබර්ටෝ ෆර්මිනෝ වෙත පන්දුව යොමු කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය හැවුරු කළා.
බ්‍රසීලය ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අර්ධ අවසන් පූර්ව වටයට නොකඩවා සුදසුකම් ලැබූ 7වන අවස්තාව මෙයයි.